කොළඹ වාහන තදබදය විසදන්න සිගප්පුරු ක්‍රමවේද

අතිශයින් බරපතළ ප්‍රශ්නයක් වී ඇති කොළඹ නගරයේ වාහන තදබදයට විසදුම් ලෙස සිගප්පුරුවේ පවතින ආකාරයට  නගරයට ඇතුළුවීමේ ගාස්තුවක් අයකිරීමටත් වාහන සදහා වෙනත් සීමා කිරීම් හදුන්වදීමටත් රජයේ අවදානය යොමු වී ඇති බව දැනගන්නට ඇත . ඒ අනුව කොලඹට ඇතුළුවන වාහන වලින් ගාස්තු අයකිරීමට අයවැය මගින් යෝජනා කරනු ඇති බවද කියති .ඒ අනුව නගරයට පිවිසෙන ස්ථානවලදී ගාස්තු අය කිරීමට කටයුතු කරනු ඇත . එමෙන්ම නිතිපත එන වාහන සදහා මාසික ගාස්තුවක් නියම කරනු ඇතැයි කියති . ගාස්තු අයකරන ස්ථානවල තදබදය ඇතිවීම වැළක්වීමට ඉලෙක්ට්‍රොනික ක්‍රම යොදාගැනීමටද යෝජනා වී ඇත . එමෙන්ම වාහනයක අවම වශයෙන් දෙදෙනකු ගමන් කළ යුතු බව වැනි සිංගප්පුරුව වැනි රටවල පවතින වෙනත් නීති හදුන්වාදීම ගැනද කතාබහක් පවතින බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *