GMOA වගේ ගොං නඩයක් කොහෙවත් දැකලා නෑ – රාජිත

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වැනි ගොං නඩයක් තමන් කොතැනකවත් දැක නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තමන්ට ලැබී ඇති උප සභාපති තනතුර ඉවත් කිරීම සඳහා GMOA කටයුතු කරන බව පැවසුවත් ඔවුන් කී පමණින් ලෝක සෞඛ්‍ය සංවිධානය එසේ තනතුරක් ඉවත් කරාවිදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය. 

එසේම GMOA යනු ලෝක සෞඛ්‍ය සංවිධානයේ පාපිස්සක් තරම්වත් නොවටිනා පිරිසක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක් වෙමිනි. 

RN

LNW


Leave a Reply

Your email address will not be published. Required fields are marked *