දුම්රිය වර්ජනය අවසන් – ධාවනය සාමාන්‍ය පරිදි

දින දෙකක් (පැය 48)ක් පුරා ක්‍රියාත්මක වූ දුම්රිය වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රි 12ට අවසන්විය. අද උදෑසන සිට දුම්රිය ධාවනය ආරම්භ වූ අතර, දහවල් වන විට ධාවන සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ඉල්ලීම් කීපයක් මුල්කරගෙන ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැන රජය සතුටුදායක ප්‍රතිඵල දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, එසේ නොකළහොත් නැවත අඛණඩ වැඩවර්ජනයක් කැඳවන බවත් දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *