ශ්‍රීලනිප පලුවක් එජාපය හා පෙරමුණකට

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වැදීම සදහා එක්සත් ජාතික පක්ෂය ගොඩනගන පෙරමුනකට එක්වීමට ශ්‍රීලනිප කණ්ඩායමක්ද කැමැත්ත පලකොට ඇති බව තතුදත් දේශපාලන ආරංචි මාර්ග කියයි . මෙම පිරිස ඉදිරි කාලයේ සුදුසු අවස්ථාවක මෙම තීරණය ගැනීමට සුදානමින් සිටින බව කියති .

එජාපය අනෙකුත් පක්ෂ සමග එක්ව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් සන්ධානයක් ගොඩ නැගීමට තීරණය කොට තිබුනද එය තරමක් කල් තබා ඇත්තේ මෙම පිරිසට තීරණයක් ගැනීමට අවස්ථාව ලබාදීම සදහා බවද කියති .

ඉදිරි ජනාධිපතිවරණය නව සන්ධානය යටතේ තරග වැදීමට තීරණය කොට ඇති බවත් කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයා ලෙස එජාපයෙන් කෙනකු තෝරාගනු ඇති බවත් වාර්තා වෙයි .

මෙම නව පෙරමුණට පක්ෂ ගණනාවකින් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් පිරිසක්ද එක්වීමට සුදානම්ව සිටිති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *