පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් කවුද කියා හැමෝම දන්නවා – කාදිනල් හිමි

රටේ දේශපාලනය කිරීමට නම් අවම වශයෙන් අ.පො.ස. සා/පෙළ විභාගය හෝ සමත්ව තිබිය යුතු බවට යෝජනා කරනු ලබන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ අනුව දේශපාලනයේ ඉදිරියට ගමන් කිරීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, අමාත්‍යවරයෙක්, අගමැතිවරයෙක් වගේම ජනාධිපතිරයෙක් බවට පත්වීමේදී එක් එක් පියවර වෙනුවෙන් වෙන වෙනම අධ්‍යාපන සුදුසුකම් සලකා බැලිය යුතු තත්ත්වයක් ඇතිකළ යුතු බවද ඇමැතිවරයා කීවේය.

නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැතිවීමේ විපාකය අද අපට අත්විඳීමට සිදුව ඇති බවද ඇමැතිවරයා කීවේය. ජනාධිපති අපේක්ෂකයා ලෙසින් පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ පරිනත දේශපාලඥයෙක් බවද ඒ මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලයේ නව පත්වීම්ලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

බන්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනාධිකාරියේ විශාල පිරිසක් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසකුත් සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය රවී කරුණානායක මෙසේද පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලය කියන්නේ සාමාන්‍ය සේවා ස්ථානයක් පමණක් නෙමෙයි. මේ ආයතනය මුළු රටටම බද්ධ වෙලා, රටේම අවශ්‍යතාවක් බවට පත්වෙලා තිබෙන සංකීර්ණ ආයතනයක්. ලක්ෂ 68 ක් පමණ පිරිසකට සේවා සපයන එකම ආයතනය බවට අද මේක පත්වෙලා. මේ නිසා තමයි නව ආණ්ඩුවක් ගොඩනගන්න අත දුන්න මන්ත්‍රීවරු සියළු දෙනාගේම ප්‍රදේශයන් වලට මෙම ආයතනයේ රැකියා අවස්ථාවන් බෙදීයන ආකාරයෙන්, හැකියාව සහ දක්ෂතාව මත ලබාදෙන්න තීරණය කළේ. මිට ඉහතදි ලංවිම රැකියා අවස්ථාවන් එක ප්‍රදේශයක පිරිසකට පමණක් සීමා වෙලා තිබුණා. මගේ රාජ්‍ය අමාත්‍යවරයාට මේ අවස්ථාවේ ස්තුතිවන්ත වියයුතුයි මේ ක්‍රියාවලිය මේ ආකාරයෙන් සිදුකිරීමට මට අදහස් සහ සහාය ලබාදුන්නට.

ආණ්ඩුව පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තොරතුරු සඟවමින් සිටින බවත් කිසිවකුත් වගකීම් සහගත ලෙස ක්‍රියා නොකරන බවත් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් රෝමයේ දී පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ හමුවීමට පෙර එරට මාධ්‍යවේදීන් අමතමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඒ බව පවසා ඇත.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වනු ඇතැයි ලැබුණු බුද්ධි තොරතුරු වාර්තා නොසළකා හැරියේ ඇයිද යන්න සම්බන්ධයෙන් සෙවීමට කිසිදු උනන්දුවක් කිසිවකුටත් නැතැයි ද කාදිනල් හිමිපාණන් පවසා ඇත.

“ආණ්ඩුව කිසිදු වගකීමක් ගන්නේ නැහැ. එය බරපතළ තත්ත්වයක්. දැන් විවිධ කමිටු කොමිසම් පත් කරලා. එකිනෙකාට චෝදනා එල්ල කරගන්නවා. කවුද වගකියන්න ඕනේ කියලා ඔබ දන්නවා” කාදිනල් හිමිපාණෝ කීහ.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වන බවට ඉන්දීය බුද්ධි අංශ මුලින්ම දැනුම් දුන්නේ අප්‍රේල් 4 වැනිදා . ඉන්පසුව අවස්ථා කිහිපයකදීත් ප්‍රහාර එල්ල වූ දිනයේ උදෑසන 6.45 ටත් දුරකතන ඇමතුමක් දෙමින් එම තොරතුරු ලබා දී ඇති බවත් කාදිනල් හිමිපාණන් පවසා ඇත.

“කවුරුවත් ඒ ගැන හිතුවේ නැහැ. සැළකිල්ලට ගත්තේ නැහැ. මේ ව්‍යවසනය වළක්වා ගන්න තිබ්බා. මට මේ තොරතුරු කලින් ලැබුණා නම් මම පල්ලි වහල දාලා මිනිස්සුන්ට ගෙදර යන්න කියනවා” යැයි කාදිනල් හිමිපාණෝ පැවැසූහ.

“හැමෝම අනෙක් අයට බනිනවා. තොරතුරු සඟවන්න උත්සහායක් තියෙනවා. ජනාධිපතිවරයාගේ වරදකාරී බවත් ප්‍රශ්නකාරීයි. ඒ නිසා ඔවුන් මෙය සඟවන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ උනන්දුවක් නැති බව පෙනේනේ. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන අනෙකුත් ආයතනවලටත් මේ ගැන හොයන්න උනන්දුවක් නෑ වගේ” යැයි කාදිනල් හිමිපාණෝ කීහ.

මේ අතර කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට බෝම්බ ප්‍රහාරවලට පෙර සහ පසු සිදුවීම් දැක්වෙන වීඩියෝ පටයක් ද එහිදි පෙන්වා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *