|

අගමැති රනිල් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

අප්‍රේල් 21 ප්‍රහාර ගැන පරික්ෂා කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද කැදවීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි . මීට පෙර කඳවු සාක්ෂිකරුවන්ගෙන් හෙළි වූ තොරතුරු වැඩිදුර විමර්ශනය සදහා අගමැතිතුමාගේ සාක්ෂි ලබාගැනීම අවශ්‍ය වී ඇතැයි කියති .

ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා මෙන්ම නිතිය හා සාමය පිලිබඳ හිටපු ඇමතිවරුන් ද ඉදිරි කාලයේ සාක්ෂි සදහා කැඳවීමට නියමිත බව ද දැනගන්නට ඇත .

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු නවතා  දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම් නොතකා එහි වැඩ කටයුතු ඉදිරියට ගෙනයාමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කොට ඇත . ජනාධිපතිතුමාගේ ඉල්ලීම නොතකා සේවයේ සිටින නිලධාරින්ද කමිටුව ඉදිරියට කැඳවා ඇත .

රාජ්‍ය ඔත්තු සේවයේ ප්‍රධානි ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ද කමිටුව ඉදිරියේ සාක්ෂි දීමට නියමිතය .

කෙසේ වෙතත් සේවයේ සිටින නිලධාරීන් සාක්ෂි දෙන අවස්ථා ආවරණය කිරීමට ජනමාධ්‍යට ඉඩ දී නැත .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *