සත්කාරක එංගලන්තය පරදා ශ්‍රී ලංකා පිළ ජය ගනී

ඊයේ (21) එංගලන්තයේ ලීඩ්ස් හී පැවති ලෝක කුසලාන පළමු වටයේ ක්‍රිකට් තරඟයෙන් සත්කාරක එංගලන්තය පරදා ශ්‍රී ලංකා පිල විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

මුලින් පන්දුවට පහර දී ලංකා පිල ඔවර් 50 අවසානයේ දී කඩුළු 9 කට 232ක් ලබාගත් අතර එංගලන්ත පිලට 232 ඉලක්කය පසුකර යෑමට නොහැකි වීමෙන් සත්කාරක එංගලන්තය පරාජය විය. ඔවුන්ට ලබාගත හැකි වූ ලකුණු සංඛාව වූයේ 212ක් පමණි.

පන්දුවට පහර දීම ආරම්භයේ දී ශ්‍රී ලංකාව කඩුළු බිඳ වැටී අවධානමට ලක් වූ අවස්ථාවේ දී පිටියට පැමිණි අවිෂ්ක ප්‍රනාන්දු ලබාගත් ලකුණු 49ත්, කුසල් මෙන්ඩිස් ලබාගත් ලකුණු 46ත් තරඟය ගැන බලාපොරොත්තු ඇති කරවන්නක් විය. අද දිනයේ සාර්ථක වූ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85ක් ලබාගැනීමෙන් ශ්‍රී ලංකා පිළේ ලකුණු මට්ටම ඉහළින් ඔසවා තැබීමට සමත් විය.

ලසිත් මාලිංග පන්දුවෙන් දස්කම් පෑ අතර ඔහු කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය. ධනංජය කඩුළු 3යි, ඉසුරු උදාන කඩුළු 2 ක් ලබාගත් අතර අවසාන කඩුල්ල ලබා ගැනීමින් ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණය සනිටුහන් කළේ නුවන් ප්‍රදීප්ය

තරඟයේ වීරයා වූයේ ලසිත් මාලිංගයි. සත්කාරක එංගලන්තයේ දී එරට පරාජයට පත් කිරීමට හැකි වීම ලංකාව ලත් විශ්ෂ්ඨ ජයග්‍රහණයක් මෙන්ම ශ්‍රී ලංකා පිළි කෙරේ යළි බලාපොරොත්තු ඇති කරවන්නක් ද විය.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *