|

උදේ ඉල්ලා අස්කරගත් පරිපුරක ඇස්තමේන්තුව සවස නැවත මැතිසබයට



පසුගිය පාර්ලිමේන්තු සතියේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකවරයා විසින් පරිපූරක ඇස්තමේන්තුවක් සභාගත කළේය. එම පරිපූරක ඇස්තමේන්තුව සමන්විත වී තිබුණේ විපක්ෂ නායකවරයාගේ භාවිතය සඳහා වාහනයක් මිලට ගැනීම සඳහා ලක්ෂ 429ක්, ඉඩම් නියෝජ්‍ය ඇමතිවරයාට වාහනයක් සඳහා ලක්ෂ 430ක්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාගේ නිල නිවස අලූත්වැඩියාව සඳහා ලක්ෂ 199ක් ආදී වශයෙන් මුදල් වෙන කර ගැනීම සඳහාය. මේ සම්බන්ධයෙන් බිමල් රත්නායක මන්ත‍්‍රීවරයා කතානායකවරයාගේ අවධානය යොමු කරමින් ප‍්‍රශ්නයක් යොමු කළේය. ”ගරු කතානායකතුමනි, 21 ප‍්‍රහාරයෙන් මිය ගිය අයට සහ තුවාල ලැබූ අයට මේ වෙනකල් වන්දි ගෙවන්න මුදල් වෙන් නොකරපු ආණ්ඩුව විපක්ෂ නායකවරයාගේ සහ ඇමති දෙන්නෙක්ගේ වාහනවලට සහ නිවාසයට ලක්ෂ 1000ක් වෙන් කරනවා. ඒක මොනතරම් සදාචාරසම්පන්නද?” බිමල් රත්නායක විමසා සිටියේය. ”මම හිටියේ 1989 ඉඳලා මගේ ගෙදර. මේක බොරුවක්” කිරිඇල්ල ඇමතිවරයා කීවේය. ”එහෙනම් මේ පරිපූරක ඇස්තමේන්තුව බොරුවක්ද?” බිමල් රත්නායක ප‍්‍රශ්න කළේය. ”ඔව් බොරුවක්” කිරිඇල්ල කීය. කෙසේ වෙතත් ඒ අවස්ථාවේ කිරිඇල්ල ඇමතිවරයා විසින් පරිපූරක ඇස්තමේන්තුව ඉල්ලා අස්කරගන්නා බව පැවසුවද එදිනම පස්වරුවේදී එම පරිපූරක ඇස්තමේන්තුව නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේද කිරිඇල්ල ඇමතිවරයා විසින්මය . ඒ ඔහුගේ නිල නිවෙස අලූත්වැඩියාව සඳහා ලක්ෂ 199ක මුදලද ඇතුළත්වය.

ශ‍්‍රී ලංකන් පවත්වාගෙන යාමට නොහැකි අර්බුදයක…

සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා සභාපතිත්වය දරන පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාව පසුගිය සතියේ කැඳවා තිබුණේ ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ නිලධාරීන්ය. එම සමාගමට එයාර් බස් ගෙන්වීමේදී සිදුවී ඇති මුදල් අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සඳහා කිහිප අවස්ථාවකදීම ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම කැඳවා තිබිණි. පරීක්ෂණවලදී හෙළිවූයේ මේ වනවිට ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම පවත්වාගෙන යෑමට නොහැකි මට්ටමේ මුල්‍ය අර්බුදයක ගිලී ඇති බවයි. එමෙන්ම මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ණය පදනමින් ඉන්ධන ලබාදීම නිසා යම් සහනයක් ශ‍්‍රී ලංකන් සමාගමට ලැබෙන බවද හෙළිවිය. කෙසේ වෙතත් සමාගම පවත්වාගෙන යෑම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 900ක මුදල් අවශ්‍ය බවද නිලධාරීන්ගේ පැහැදිලි කිරීම්වලදී කෝප් කමිටුවට හෙළිදරව් විය. ”අපි ඔබලාගේ සමාගමේ වංචා ¥ෂණ හොයනවා. ඒවා නවත්වන්න කටයුතු කරන ඒක නිලධාරීන්ගේ වගකීමක්. ඒ වගේම අපි යෝජනා කරනවා නාස්තිය ¥ෂණය නවත්වලා අනවශ්‍ය වියදම් අවම කරලා සමාගම පවත්වාගෙන යන්න උත්සාහ කළ යුතුයි. නැත්නම් ආණ්ඩුව කරන්නේ මේකත් විකුණලා දාන එක. එහෙම වුණොත් ඒක රටට වෙන විශාල පාඩුවක්. අපි කෝප් කමිටුව විදියටම කොළඹ නැගෙනහිර ජැටිය විකුණන්න එපා කියලා නිර්දේශ ලබාදුන්නා. කුමන හෝ අයුරකින් නැගෙනහිර ජැටියට අවශ්‍ය දොඹකර මිලට ගෙන මෙහෙයුම් අරඹන්න උපදෙස් දුන්නා. නමුත් අන්තිමේදී මොකද වුණේ. ඒක විකුණන්න ගිවිසුම් අත්සන් කරනවා. ඒ නිසා ශ‍්‍රී ලංකන් සමාගමටත් ඒක වෙන්න ඉඩ තියන්න එපා.” සභාපතිවරයා කියා සිටියේය. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වාර්තා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කෝප් කමිටුව කටයුතු කරමින් සිටියි.
එමෙන්ම කෝප් කමිටුවේ කටයුතු මාධ්‍ය වෙත වාර්තා කිරීම සඳහා අවශ්‍ය උපකරණ සවිකිරීම් මේ වනවිට සිදුවෙමින් පවතින බවද වාර්තා වේ.

ජවිපෙ ගමේ ජනතාව සමඟ කතාබහක්…

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ ”රට අරාජික කළ, මහජන ආරක්ෂාව බිලිදෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු!” මැයෙන් උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කළේය. එහි ආරම්භක පියවර පසුගිය 12වැනිදා කොළඹ කොටුවෙන් ආරම්භ කරන ලදී. මෙහි තවත් උද්ඝෝෂණ හතරක් මාතර, පානදුර, අනුරාධපුර සහ ඇඹිලිපිටියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් සහ රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව පසුගිය අඟහරුවාදා පැවැති දේශපාලන මණ්ඩල රැුස්වීමේදී ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු විය.
”මේ ආණ්ඩුවට වසර හතරක් ගතවෙනකොට හැම අතින්ම අසාර්ථක බව ඔප්පු වෙලා ඉවරයි. 21 ප‍්‍රහාරයෙන් පස්සේ ඔප්පු වුණා රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නත් බැහැ කියලා. ඒ වගේ ආණ්ඩුවක් තවදුරටත් ජනතාවට වැඩක් නැහැ.” විජිත හේරත් කීවේය. ”ජනාධිපතිගෙයි අගමැතිගෙයි කඹ ඇදිල්ල නිසා රට අරාජික වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් ආණ්ඩුවක් නැති ගාණට රට පත්වෙලා.” බිමල් රත්නායක කීවේය. ”21 ප‍්‍රහාරයෙන් පස්සේ රටේ ජනතාවගේ අවධානය වෙන පැත්තකට යොමු වුණා. ඒ ජරමර අස්සේ ආණ්ඩුව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවටයි ජපානයටයි දෙන්න ගිවිසුම් අත්සන් කරනවා. අනෙක් පැත්තෙන් ගොවියන්ගේ අස්වැන්නට හරි මිලක් නැහැ. වතුකම්කරුවන්ගේ 1000 අරගලය යට ගිහින්. ඒවා ආණ්ඩුවට වාසියි නමුත් ජනතාවට අවාසියි.” ලාල්කාන්ත කීවේය. ”අපි මේ රටේ ඇති වෙලා තියෙන ජාතිවාදී දේශපාලන සංවාදය රටේ ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න කතා කරන දේශපාලන කතාබහක් බවට පත්කරන්න ඕනෑ. අපි ආණ්ඩුවට එරෙහිව ගෙනාපු විශ්වංසභංගය ඒකට හොඳ අවස්ථාවක්. ඒ වගේම අපි රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කරන්න ඕනෑ.” අනුර දිසානායක කියා සිටියේය. ”ඒ වගේම අපි ඉදිරි දේශපාලන තත්වය ගැන බිම් මට්ටමේ හොඳ සාකච්ඡුාවක් කරගන්න ඕනෑ. ජනතාවට දැන් ඇත්ත දේශපාලන සංවාදයක් ගමට යන්නේ නැහැ. අපේ රටේ හුඟක් මාධ්‍යයත් ඒ කාර්යභාරය හරියට කරන්නේ නැහැ. ඒ නිසා ඒ වැඩෙත් අපිටම තමයි කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ගම්මට්ටමේ අපේ සාමාජිකයා වගේම අනෙකුත් දේශපාලනයට සංවේදී ජනතාව එක්ක කතාබහක් ආරම්භ කරමු. මොකද ජනතාවත් බලාගෙන ඉන්නවා අපේ ඊළඟ පියවර මොකක්ද කියලා.” ටිල්වින් සිල්වා යෝජනා කළේය. ”ඒක හොඳ අදහසක්. මොකද දැන් ජනාධිපතිවරණය ගැන කතාබහක් තියෙනවා. අපේක්ෂකයෝ කවුද කියලා ජනතාව බලාගෙන ඉන්නවා. ඒ නිසා ඇත්තටම ජනතාවට ඉදිරි මැතිවරණ ඉතාම තීරණාත්මකයි. නමුත් ජනතාව නිවැරදි දේශපාලනය තෝරගන්න බැරි තැනක ඉන්නේ. මොකද ඇත්ත දේශපාලන සංවාදය ගමට නොයන නිසා. අපි ඒකට මැදිහත් වෙමු. දවස් තුනහතර එක දිස්ත‍්‍රික්කයකට වෙන් කරගෙන ගමට ගිහින් ජනතාව සමඟ මේ දේශපාලන සංවාදය කරගන්න ඕනෑ.” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *