මහානාමට-දිසානායකට අධිචෝදනා 24ක්

අල්ලස් කොමිසමෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු :

ජනපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි. එච්. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (20) නඩු පැවරීය.

විත්තිකරුවනට එරෙහිව අධි චෝදනා 24 ක් ය‍ටතේ මෙම නඩුව පවරා ඇති අතර චෝදනාව ඔප්පු කිරීම සඳහා පුද්ගල සාක්කි 46 ක් නම් කර ඇති අතර ලේඛන සාක්කි 41 ක් ද නම් කොට ඇත.

කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාළ කටයුතු ඉටුකර දීමට ඉන්දියානු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 54 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් ලෙසට ලබාගත් බවට විත්තිකරුවනට එරෙහිව අධි ‍චෝදනා නගා ඇත.

විත්තිකරුවන් 2018 වසරේ මැයි මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී මෙම වරද සිදුකර ඇති බවටද අල්ලස් කොමිසම මඟින් අධි චෝදනා නගා ඇත.

අල්ලස් පනතේ 19 (ඇ), 19 (ආ), 20 (ආ) යන වගන්ති ය‍ටතේ විත්තිකරුවනට එරෙහිව අධි චෝදනා නගා ඇත.

කුමුදු හෙට්ටිආරච්චි

දිනමිණ පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *