ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් මත වරදකරු කර වසර හයක සිර දඬුවම් විදිමින් සිටියදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ජනාධිපතිවරයාට එරෙහිව අද (20) මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි. ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති පෙත්සම් හි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති වෙනුවෙන් නීතිපති නම් කරනු ලැබ සිටිති. අධිකරණයට අපහාසයක් කිරීමේ සිද්ධියකට වරදකරුව දඩුවම් විදිමින් සිටි ඥානසාර හිමියන් ඉකුත්දා ජනාධිපතිවරයා ජනාධිපති සමාව යටතේ මුදා හැරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තිය යටතේ ලබා දී ඇති නීතිය ඉදිරියේ එක සමාන ලෙස සැලකීමේ අයිතිවාසිකම කඩ වී ඇති බවත් , එබැවින් එය උල්ලංඝනය වී ඇති බවට නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *