කබීර් සහ හලීම් යළි අමාත්‍ය ධුරවල දිවුරුම් දෙති

පසුගියදා අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් නියෝජිතයන් අතරින් දෙදෙනෙකු අද (19) යළි අමාත්‍ය ධූරයන් හී දිවුරුම් දී තිබේ.
ඒ අනුව හිටපු අමාත්‍යවරු වන කබීර් හෂිම් සහ අබ්දුල් හලිම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් පෙර දෑරු අමාත්‍ය ධුරයන් හි යළි දිව්රුම් දී ඇත.
ඔවුන් අද පෙරවරුවේ ජනාධිපතිතුමා හමුවේ නැවත දිව්රුම් දී ඇතැයි වාර්තා වේ.
කබීර් හෂිම් මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර අබ්දුල් හලිම් මහතා තැපැල් හා මුස්ලිම් කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *