ඊළග ඡන්දය

තජිකිස්ථාන චාරිකාව අවසන් කර ලංකාවට පැමිණි ජනාධිපතිතුමාගෙන් නෝනා ඇසුවේ පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන්නට පත්කළ පාර්ලිමේන්තු කමිටුව විසුරුවා හැරලද කියාය.

එවිට ජනාධිපතිතුමා නොනැගෙන් ඇසුවේ පාර්ලිමේන්තු  කමිටුව විසුරුවා හැරලා කියලා සෝෂල් මීඩියා වල තිබුනද කියාය.

ඔයා හිතන්නේ මමත් ඔයාගේ ඇමති මණ්ඩලය වගේ මොබයිල් ෆෝන් එකට කොටකොටා ඉන්නවා කියලද ? කියා එවිට නෝනා ඇසුවාය.

එහෙමනම් පාර්ලිමේන්තු කමිටුව විසුරුවලද කියලා ඇහුවේ මක්නිසාදැයි ජනාධිපතිතුමා ඇසුවේය.

කැබිනට් මණ්ඩලය ඊළග සතියේ රැස්කරනවා කියලා පත්තරවල තිබුණා. පාර්ලිමේන්තු කමිටුව නතර කරලා කියලා මම හිතුවේ, ඒ නිසා කියා එවිට නෝනා කීවාය.

පාර්ලිමේන්තු  කමිටුවෙයි කැබිනට් එකෙයි සම්බන්ධෙ මොකක්ද කියා එවිට ජනාධිපතිතුමා ඇසුවේය.

පාර්ලිමේන්තු කමිටුව නතර කලොත් කැබිනට් එකත් නැහැ කියලා ඔයාම නේද කීවෙ ? දැන් ඔය කැබිනට් එක රැස් කරන්නේ කමිටුව නතර කරලා නිසා කියලයි මම හිතුවේ කියා එවිට නෝනා කීවාය.

කමිටුව නතර නොකලොත් කැබිනට් නැහැ කියලා මම කිවේ කමිටුව නතර කරන්න තමයි. එත් කමිටුව නතර කලේ නැහැ කියා එවිට ජනාධිපතිතුමා කිවේය.

එතකොට කැබිනට් එක පටන්ගන්නේ යු.එන්.පි. එකේ දෙතුන් දෙනෙක් කැබිනට් එක රැස් කරන්න කියලා ඉල්ලපු නිසාය, කියල කියන කතාව ඇත්තද? කියා නෝනා ඇසුවාය.

ඔයා හිතන්නේ මම යුඑන්පිය කීවට වැඩකරන මිනිහෙක් කියලද ? එහෙනම් දවස් පනස් එකේ ආණ්ඩුව නතර කරන්න කියලා යුඑන්පිකාරයෝ, ජේවීපී කාරයෝ ටීඑන්ඒකාරයෝ ඔක්කොම කියපු වෙලාවෙවත් මට පාර්ලිමේන්තුව රනිල්ට බාරදෙන්න තිබුණ. කියා ජනාධිපතිතුමා කිවේය.

එහෙමනම් හදිස්සියේම තීරණය වෙනස් කරලා කැබිනට් එක කැදවන්න   හිතුවේ මොකද? කැබිනට් එක රැස්නොවි රට අරාජික වෙලා කියලා ඔයාගේ අලුත් පොහොට්ටු යාළුවෝ කියන නිසාද? කියා නෝනා ඇසුවාය.පොහොට්ටුකාරයෝ කියන දේවල්  අහලා වැඩ කරන්න මට පිස්සුවක් තියෙනවද ? උන් කියපු දේවල් කරන්න ගිහින් මට වෙලා තියෙන හරිය හොදටම ඇති කියා එවිට ජනාධිපතිතුමා කිවේය.

එහෙනම් හදිස්සියේම තීරණය වෙනස් කලේ මොකද? රනිල් අගමැති වුනොත් තප්පරයක් ජනාධිපති ධුරයේ ඉන්නේ නැහැ කියල රනිල් අගමැති වුණාම ඒ තීරණේ වෙනස් කළා වගේ මේ තීරණේ වෙනස් කරන්නත් හේතුවක් තියෙන්න ඕන නේද කියා නෝනා ඇසුවාය.

ඔයා රනිල්! රනිල්! කියද්දියි මටත් මතක් වුනේ. මම කැබිනට් එක රැස්කරන්න තීරණය කලෙත් රනිල් නිසාම තමයි කියා එවිට ජනාධිපතිතුමා කිවේය.

ඇයි ? කැබිනට් එක රැස්කරන්න කියලා රනිල් මහත්තයා ඉල්ලීමක් කලාද කියා නෝනා ඇසුවාය.

රනිල් ඉල්ලීමක් කලොත් මම ඒක මලාට කරයි කියලා ඔයා හිතනවද ?රනිල් කරන්න කිවොත් මම කරන්න හිතාන ඉන්න දෙයක්වත් කරන්නේ නැහැ.ෆොන්සේකාට නිතිය සාමය දෙන්න කියලා කිවා . කෝ මම දුන්නද ? අස්වුණු මන්ත්‍රී ලා වෙනුවට පත්කරන්න ලිස්ට් එකක් රනිල් එවුවා මම පත්කලාද ? එයා කියන දේවල් කරන්න මම එයාගේ කවුද ? කියා ජනාධිපතිතුමා කිවේ තරමක කෝපයෙනි.

මගෙත් එක මොනවට තරහ ගන්නවද? කැබිනට් එක රැස්කරන්න තීරණය කලේ රනිල් මහත්තයා නිසා කියලා ඔයාම නේද කිවේ ? කියා එවිට නෝනා ඇසුවාය.

රනිල් නිසා තමයි. හැබැයි එයා ඉල්ලීමක් කරපු නිසා නෙමෙයි. කියා එවිට ජනාධිපති තුමා කිවේය.

එහෙනම් හේතුව මොකක්ද කියා නෝනා ඇසුවාය .

රනිල්කාරයා මාලදිවයිනේ කැබිනට් එකට ලංකාවට එන්න කියලා ආරාධනා කළාය,  ඒ ආරාධනාව පිළිඅරන්  මාලදිවයින් ජනාධිපතියි කැබිනට් ඒකයි ලංකාවට එන්න යනවා කියලා දන්නේ නැද්ද කියා ජනාධිපතිතුමා ඇසුවේය.

මාලදිවයින් ජනාධිපතියි කැබිනට් ඒකයි ලංකාවට එනවා කිවට ඔයා මොකටද කැබිනට එක රැස්කරන්නේ කියා එවිට නෝනා ඇසුවාය.

මාලදියිනේ ජනපතියි  කැබිනට් එකයි ආවම මේ රටේ කැබිනට් එක ඒ අයට බාරදුන්නොත් මට හුලන්නේද කියලා පොඩි බයකුත් හිතුනා කියා එවිට ජනාධිපතිතුමා කිවේය.

ඒ මොක වුනත් ඔයා කැබිනට් එක රැස්නොකර ඉන්න තීරණය කලේ ඇමතිවරු  කැබිනට් රැස්වීම වෙලාවෙත් ජංගම දුරකථන වලට කොට කොට ඉන්න නිසාය කියලා කිව එක නම් එච්චර හොද මදි කියා නෝනා කීවාය.

ඔයා මොකද එහෙම කියන්නේ යැයි එවිට ජනාධිපතිතුමා ඇසුවේය.

ඇයි අනේ ඔයා පාස්කු ප්‍රහාරේ ගැන දැනගත්තෙත්  ඔයාගාව  හිටපු කෙනෙක් ජංගම   දුරකතනයට කොට කොට හිටපු නිසා සෝෂල් මීඩියා එකෙන් නේද කියා එවිට නෝනා ඇසුවාය.

එක අතකට ඒ සෝෂල් මීඩියා කාරයත් නොහිටියා නම් හොදයි කියා එවිට කිවේය.

ඒ මොකද අනේ ? කියා නෝනා ඇසුවාය.

ට්‍රිප් එක ඉවර කරලම ලංකාවට එන්න තිබුණා කියා ජනාධිපතිතුමා කිවේය.

පාර්ලිමේන්තු මැතිවරණයක්ද ඕන? ජනාධිපතිවරණයක්ද? කියලා අහන්න ඔයා ජනමත විචාරණයක් තියන්න යනවා කියන්නේ ඇත්තද කියා නෝනා ඇසුවාය.

ඇයි වරදක්ද කියා ජනාධිපතිතුමා ඇසුවේය.ඔයා ජනාධිපතිවරණය තිබ්බොත් එයාලා මහමැතිවරණය තියාගනියි කියා නෝනා කීවාය.

එහෙම කොහොමද රටේ ජනාධිපති හැටියට රටේ ජනතාවට අවශ්‍ය දේ දෙන එක මගේ යුතුකම කියා ජනාධිපතිතුමා කිවේය.

ජනාධිපතිවරණය තියන්න කියලා ජනතාව අනිවාර්යයෙන් කියයි කියා නෝනා කීවාය.

ඒ මොකද හිටං ? කියා ජනාධිපතිතුමා ඇසුවේය .

ඔයාවම තව සැරයක්  පත්කරගන්න කියා නෝනා  කීවාය.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *