මුල්‍ය අරමුදුලේ ගණන් හිලවු වැරදියි – මුදල් ඇමැති රවී රෝයිටර්ට කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කරන පුරෝකථන වැරදි බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කොට ඇත . වසර අවසානය වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 5 සිට 5.5 අතර වියහැකි බව මුල්‍ය අරමුදල කියතත් මුදල් ඇමතිතුමා කියන්නේ එය සියයට 6.5 සිට 6.7 දක්වා වියහැකි බවයි .

දැන් ඩොලර් බිලියන 7ක් වා ඇති මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉදිරි කාලයේදී බිලියන 10 දක්වා ඉහළ යන බවත් පොලි ප්‍රමාණ තවත් අඩුකළ හැකි වන බවත් මුදල් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත . රුපියල ඉක්මනින්ම ස්ථාවර වන බවද ඒ මහතා පවසා තිබේ .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *