ජනමත විචාරණයකින් මහ මැතිවරණයක් කැදවන්න ජනාධිපතිගේ සුදානමක් – දැනටමත් නීතී උපදෙස් අරන්

“මේ අවස්ථාවේ මහ මැතිවරණයක් අවශ්‍යදැ”යි ජනමත විචාරණයක් පවත්වා එහි ප්‍රතිපලය මත හදිසි මහ මැතිවරණයක් කැඳවීමේ උත්සාහයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුදානම් වන බව වාර්තා වෙයි . මේ සදහා නීතිපති දප්පුල ද ලිවේරා මහතාගෙන් දැනටමත් උපදෙස් ලබාගෙන ඇති බවත් , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්චා කොට ඇති බවත් තතු දත් ආරංචි මාර්ග කියයි .

කෙසේ වෙතත් ජනාධිපතිතුමාට මේ පිලිබදව පරස්පර විරෝධී උපදෙස් ලැබී ඇති බවද දැනගන්නට ඇත .

ජනාධිපතිවරණයට පෙර පවත්වන මහ මැතිවරණයකින් එක්සත් ජාතික පක්ෂය පරාජය කළ හැකි බව ජනාධිපතිගේ විශ්වාසය වී ඇති බවත් එසේ වූවහොත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ තරඟ බිමෙන් ඉවත් කරගත හැකිවන බවත් ජනාධිපති සිරිසේන මහතාගේ ගණන් බැලීම වී ඇති බවද කියති .

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත් එජාපෙන් තරුණයකු ඉදිරිපත් කලොත් සහය දෙන බවත් සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කළේය . එයද එජාපයේ ගැටුම් ඇතිකිරීම සදහා කළ කපටි ප්‍රකාශයක් බව එජාප ප්‍රබලයන්ගේ මතය වී තිබේ .

ජනාධිපතිවරයාට හා විපක්ෂයට හිතවත් ජනමාධ්‍යද එජාපයේ ගැටුම් ඇතිකිරීමේ ප්‍රබල ව්‍යාපාරයක මේ දිනවල යෙදී සිටින බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ .

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර ගත් ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ග මෙන්ම ජනමතවිචාරන උත්සාහයද අසාර්ථක වන බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *