ගෝටා රෝහලෙන් යයි – වෛද්‍ය උපදෙස් මත තවදුරටත් සිංගප්පුරුවේ

සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී විවෘත හදවත් සැත්කමකට මුහුණ දුන් ගොටාභය රාජපක්ෂ මහතා මේ වනවිට රෝහලෙන් ඉවත්ව ගොස් ඇතත් ඔහුට සිංගප්පුරුවේ තව දුරටත් රැදී සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති බව දැනගන්නට ඇත . හදිසි අවස්ථාවකදී වහාම රෝහල් ගතවිය හැකි වන පරිදි මෙලෙස එරට රැදී සිටීමට ඒ මහතාට උපදෙස් ලැබී ඇත .

තව මාසයක් හෝ දෙකක් ගතවන තෙක් වරින් වර මවුන්ට් එලිසබෙත් රෝහලේ වෛද්‍ය පරීක්ෂණවලට මුහුණ දී වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ඒ මහතාට සිදුවනු ඇතැයි කියති . ඉන් පසුව ශ්‍රී ලංකාවට පැමිණ සාමාන්‍ය දෛනික කටයුතු ආරම්භ කළ හැකිවනු ඇති බවත් එසේ වුවද වරින්වර වෛද්‍ය පරීක්ෂණවලට මුහුණ දී  උපදෙස් ලබාගත යුතු බවද කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *