අපි නොදැනුවත්ව සාෆිට වඳ සැත්කම් කරන්න බෑ – හෙද නිළධාරිණියෝ 69ක් සාක්ෂි දෙති

කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහමඩ් සාෆි සමග සිසේරියන් සැත්කම්වලට සහභාගි වූ ශල්‍යාගාර හෙද නිළධාරිණියන් 69 දෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දී තිබෙනවා. තවත් එක් හෙද නිළධාරිණියකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත අතර ඇය මේ වනවිට කොළඹ ජාතික රොහලේ ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ප්‍රකාශ සටහන් කර ගැනීම ප්‍රමාද වී තිබෙනවා.සාක්ෂි ලබා දුන් හෙද නිළධාරිණියන් 69 දෙනාම පවසා ඇත්තේ සිසේරියන් සැත්කම් කරන අවස්ථාවේදී වෛද්‍ය සාෆි කාන්තාවන් වඳ සැත්කම්වලට භාජනය කරනු හෝ ඔවුන්ගේ පැලෝපීය නාලවලට හානි සිදු කරනු හෝ තමන් දැක නොමැති බවයි. එසේම සැත්කම් සඳහා සහභාගි වන හෙද නිළධාරිණියන්ට හෝ සෙසු වෛද්‍යවරුන්ට හොරෙන් එවැනි දෙයක් කළ නොහැකි බව ද ඔවුන් රහස් පොලීසිය වෙත පවසා තිබෙනවා.සාෆි සිංහල කාන්තාවන් 4000 කට වඳ සැත්කම් සිදුකළ බවට පසුගිය දිනවල චෝදනා කළ පාර්ශ්වය මේ වනවිට ඔවුනොවුන් එකිනෙකාට චෝදනා එල්ල කර ගනිමින් සිටී. ඒ ඔවුන් එල්ල කළ චෝදනා මේ වනවිටත් පුස්සක් බවට පත්ව ඇති නිසාය.

මේ අතර මාධ්‍ය විසින්, සාෆි නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකු හෙවත් VOG වෛද්‍යවරයෙකු ලෙස හැඳින්වුවද ඔහු සාමාන්‍ය MBBS වෛද්‍යවරයෙකු පමණි. ඔහු කුරුණෑගල රෝහලේ සේවය කරන VOG වෛද්‍යවරයෙකු යටතේ සේවය කරන වෛද්‍යවරුන් හතර දෙනාගෙන් කෙනෙකු පමණක් වන අතර ඔවුන් හඳුන්වන්නේ SHO (Senior House Officer) ලෙසයි.

WNL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *