ලසන්ත , තාජුදීන් ඝාතන ඇතුළු සිද්ධි 4ක් ගැන පරීක්ෂණ කඩිනම් කරන්න නීතිපතිගෙන් නියෝග

මහත් ආන්දෝලනයට තුඩුදුන් අපරාධ ක්‍රියා සිද්ධීන් 4 ක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ කඩිනමින් අවසන් කර වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියම කර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරන නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළේය.

ඒ අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුදීන් ඝාතනය, කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සහ මුතුර් action farm රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයින් 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම යනාදී සිද්ධින්ට අදාළ පරීක්ෂණවල අනිසි ප්‍රමාදයක් පවතින බවට නීතිපතිවරයා විසින් නිරීක්ෂණය කර ඇති තිබේ.

එබැවින් ඒම අපරාධ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කර උද්‍යෘත නිතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති සහ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදී ඇති බවද රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය වැඩි දුරටත් සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *