උදලාගම කොමිසමෙන් විස්මිත සොයාගැනීම් ගණනාවක් !

Justice-Udalagamaමුතුර්හි සහන සේවකයන් ඝාතනය , ත්‍රිකුණාමලයේ සිසු ඝාතනය ඇතුළු සිදුවීම් 16ක් ගැන සෙවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කළ උදලාගම ජනාධිපති පරීක්ෂණ කොමිසම විස්මිත සොයාගැනීම් ගණනාවක් සිදුකොට ඇතත් ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමුවී නැත .

මුතුර්හි සහන සේවක ඝාතනය ගැන කොමිසම කියන්නේ එය එල් ටී ටී ඊ ය හෝ පොලිසිය හෝ වෙනත්  කණ්ඩායමක් විසින් හෝ සිදුකොට ඇති බවයි . එය එල් ටී ටී ඊ ය කලානම් කරන්නට ඇත්තේ හමුදාවට වරද පටවන්නටය . ඊට වඩා ඉඩ ඇත්තේ පොලිසිය එය කළා වීමටය . එයට හේතුව පොලිසියේ එක් නිලධාරියකුට එල් ටී ටී ඊ ය හා කෝන්තරයක් තිබීමයි .

මෙම ආසන්න කාලයේ මුතුර් පොලිස් මුරපොලෙහි යුද අවි  කිහිපයක් අතුරුදන් වී ඇත . එම ආයුධ ලැබුණු යම් පිරිසක් මෙම ඝාතන කළා වියහැකි බවද කොමිසමේ වාර්තාවේ පැහැදිලිව සටහන් කර ඇත .

තිරිකුණාමලයේ සිසු ඝාතන ගැන කොමිසම කියන්නේ ඒ පිලිබදව කළ පොලිස් පරීක්ෂණ කමකට නැති බව හා වගකීමෙන් තොර බවයි .ෂුවර් එකටම මෙම සිසුන් ඝාතනය කර තිබෙන්නේ නිළ ඇදුම් ලාගත් පිරිසක් විසින් බව උදලාගම කොමිසම සොයාගෙන ඇත . ඔවුන් අත ආයුධ තිබූ බවක් නම් කොමිසමට සොයාගත නොහැකි වී ඇත .

කොමිසමට ක්‍රියාත්මකවීමට තවත් අවස්ථාවක් දුන්නොත් ඒ ගැනද ටක්කෙටම කියනු නොඅනුමානය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *