යෝජිත නව ව්‍යවස්ථාව ගැන වචනයක් – මහාචාර්ය රොහාන් සමරජීව

ශීත කාමර මගේ ජීවිත කාලය තුළ ව්‍යවස්ථා කිහිපයක් නිර්මාණය වනු මා දැක තිබේ. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, 1972 ව්‍යවස්ථාව නිර්මාණය කළ කාලය තුළ, ගුවන් විදුලිය හරහා පැවැත් වූ රැුව් පිළිරැුව් නගන කථා මගේ පළමුවැනි ව්‍යවස්ථා නිර්මාන අත්දැකීමයි. පසුව, 1978 ව්‍යවස්ථාව නිර්මාණය කරන කාලයේ දී පාර්ලිමේන්තුවේ අර්ධකාලීන භාෂා පවර්තකයෙකු ලෙස සේවය කිරීම නිසා ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගැනීමේ අවස්ථාව මට හිමිවිය. කැනඩාවේ මුල්ම ව්‍යවස්ථාව නිර්මානය කරන කාලයේ පශ්චාත් උපාධි ශිෂ්‍යකු වශයෙන් එරට සිටි මම, අගමැති ටෲඩෝ ව්‍යවස්ථාව නිර්මාණය කළ ක‍්‍රියාවලිය හා  අයිතින් මෙන්ම නිදහස පිළිබඳ ප‍්‍රඥාප්තීන් හඳන්වා දුන් ආකාරය අවධානයෙන් බලාසිටියෙමි. දැනට පවතින දේශපාලන ආරංචි මාර්ග අනුව, තවත් ව්‍යවස්ථාවක් නිර්මාණය වනු දකින්නට මට අවස්ථාව ලැබෙන හැඩ පෙනේ.

ව්‍යවස්ථාමය විප්ලවයකට යෑම අනතුරුදායකය

ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාට විප්ලවයක් අවශ්‍ය වු අතර, අවම වශයෙන් ව්‍යවස්ථා විප්ලවයක් හෝ කරන්නට 1972 දී ඔහුට හැකිවිය. 1970 ලද 2/3 ජයග‍්‍රහණයේ බලයත් සමග එවක ආණ්ඩුවේ මංත‍්‍රිවරු නව ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡුා කරන්නට නව රග හලට රැුස්වූ හ. එතෙක් පැවති සොල්බරී ව්‍යවස්ථාව බොහෝ සෙයින් වෙනස්වනු ඇතැයි යන්නට මෙය ඉගියක් විය. වර්තමානයේ නව ව්‍යවස්ථාවකට ජනමත විචාරණයක් හරහා ජනතා අනුමැතිය සේම පලාත් ආණ්ඩුවල ද එකගත්වය ද ලබාගැනීමට අවශ්‍ය හෙයින් 1972 දී සිදුකළ දේම යළි කරන්නට ආණ්ඩුව කල්පනා කරන බවක් පෙනේ.

නමුත්, මේ අවස්ථාවේ දී අනතුරු ඇගවීමක් කිරීම අවශ්‍ය ය. 1972 ව්‍යවස්ථාව සම්මත කරනු ලැබුයේ මෙරට දමිල නායකයින්ගේ හැගීම් සහ අදහස් නොතකා හරිමිනි. ව්‍යවස්ථාව විසින් ඔවුන්ගේ සුජාතකත්වය විනාශකර දමන ලද අතර ප‍්‍රභාකරන්ගේ නැගීමට අවශ්‍ය පරිසරය සකසනු ලැබිණි.

1970 දී පත්වූ ආණ්ඩුව තමන්ට 2/3ක ජනවරමක් ඇතැයි උදම් ඇනීමේ සත්‍යයක් නැතත් නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට අවශ්‍ය තරම් විශාල ජනවරමක් එයට ලැබී තිබිණ. එහෙත්, 2015 දී කිසිම තනි පක්ෂයකට හෝ පක්ෂ සන්ධානයකට අවම වශයෙන් සරළ බහුතරයක් හෝ ලැබී නැත. වර්තමාන පාර්ලිමේන්තුව දැඩිව කොටස්වලට බෙදී ඇති ආකාරය සළකන විට ජනමත විචාරණය මගහැර ව්‍යවස්ථාවක් සම්මතකර ගැනිම සහ එමගින් නව ව්‍යවස්ථාවට ලැබෙන සුජාත බව ලබානොගැණිම නුවනට හුරු කරුණක් නොවේ.

ඩැන්ටන් හා ලියෝන් ට්‍රොට්ස්කි මේ සත්‍යය වටහා ගත්තේ ප‍්‍රමාද වී වුව ද, ප‍්‍රංශ විප්ලවය යනු රටක තරුණ කොටස් විනාශ කර දමන්නකි. අපේ රටේ, 1972 දි කරන ලද ව්‍යවස්ථාමය විප්ලවය ද තරුණ කොටස් විනාශකර දැමීමට හේතු විය. සිදුකරන වෙනස්කම් සෙමින් සහ ක‍්‍රමයෙන් සිදුකිරීම පිළිවෙලක් නැති ක‍්‍රියාවක් වන්නට ඉඩ ඇති නමුත් ඒ අපිළිවෙල රටේ තරුණ, මහලූ කාගේත් ප‍්‍රවේශමට ගුණදායක ය.

පැහැදිළි චින්තනය

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අනුගමනය කෙරෙන පිළිවෙත් මේ අවස්ථාවේ කෙනෙකුගේ මතකයට නැගෙන්නට පුළුවන. එහෙත් එසේ වනු ඇත්තේ ඒ පුද්ගලයා කිසි කළෙක ඇමෙරිකාවේ ජීවත් නොවූ මෙන්ම ව්‍යවස්ථාවන් පිළිබඳ ගැඹුරින් කල්පනා කරන්නෙතු නොවන්නේ නම් පමණි. මේ කල්පනාව, 1981-82 කාල පරිච්ෙඡ්දයේ දි කැනඩාවේ දී ද මතභේදයට තුඩුදුන් එකක් විය. එම විවාදයේ දි බොහෝ දෙනෙකු පැවසූ දෙයක් වූයේ ” අපිට තිබෙන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයක්, ඇමෙරිකානු ජනාධිපති ක‍්‍රමය මෙරටට ගෙනඑනු දකින්නට අපට  ඕනෑ නෑ” යනුවෙනි. පාර්ලිමේන්තු ක‍්‍රමයක දී, මැතිවරණයක් යනු දේශපාලන පක්ෂ අතරින් සිදුකෙරෙන තේරීමක් විනා අගමැති අපේක්ෂකයින් අතුරින් කෙනෙකු තෝරාගැනිම නොවේ. කැබිනට් අමාත්‍යවරුන් තමන් විෂය විශේෂඥයින්වීම අපේක්ෂා නොකරන නමුත් රාජ්‍ය යාන්ත‍්‍රණයට වගවන්නක් බවට වගබලාගැනෙන්නේ ඔවුන් මගිනි.

 ඇමෙරිකානු දේශපාලන චින්තනය අපේ දේශපාලන සංස්කෘතිය තුළට කොතරම් තදින් මුල්බැස ඇත්දැයි අමාත්‍ය මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන්, පසුගිය සති කිහිපය තිස්සේ පැවති නොයෙක් කථාබහ සළකා බැලූ විට පෙනීයයි. මුදල් අමාත්‍ය ධූරයට ආර්ථික විද්‍යාඥයෙකු පත්කළ යුතුව තිබූ බව බොහෝදෙනාගේ මතය විය. විදුලිය සහ බලශක්ති අමාත්‍යාංශය ලබාදිය යුතුව තිබුනේ විදුලි ඉංජීනේරුවෙකුට යන්න ඔවුන්ගේ හැගීම විය. මහජන ඡුන්දයෙන් තේරීපත් නොවූ පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පතිකිරීමට ඔවුන් විපක්ෂ වූවත්, අමාත්‍ය ධූර, ඒ ඒ විෂය පිළිබඳ විශේෂඥයින්ට ලබාදෙනු දක්නට ඔවුනට අවශ්‍ය විය.

යැංකි ඩිකී යන සිය විකට නාමය අනුව ක‍්‍රියාකරමින්, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ඇමෙරිකානු ක‍්‍රමය සහමුලින්ම, විශේෂයෙන්ම, විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ පැහැදැළි වෙන්වීමක් සහිත බව, මෙරටට යොදා නොගත්තේ මන් ද යන්න මා නිතර කල්පනා කරන දෙයකි. ඒ ක‍්‍රමය බෙහෙවින් සංකීර්ණ බව සත්‍යයක් වුව ද බොහෝ අවස්ථාවන් සඳහා නිවැරදිව ක‍්‍රියා කරන්නකි.

ඒ වෙනුවට ඔහු කළේ කොයි අතකටවත් නැති ක‍්‍රමයක් යොදාගැනිමය. අමාත්‍යවරු පත්කල යුතු වූයේ මැතිවරණයෙන් තේරීපත්වූවන් අතරිනි. මුල් සැළසුමට ජාතික ලැයිස්තුවක් අඩංගුවූයේ නැත. ඔහු, කැබිනට් නොවන අමාත්‍ය ධූර කොටසක් නිර්මාණය කිරිමෙන් සහ විමධ්‍යගත අයවැය නම් වූ ජුගුප්සාජනක ක‍්‍රමය හඳුන්වා දෙමින් අමාත්‍යවරුන්ගේ විධායක බලතණ්හාව සංසිඳුවා ගන්නට ඉඩකඩ සැලසී ය.

 විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර පැහැදිළි වෙන්වීමක් ඇති කිරීමට මියැන්මාරය කටයුතුකර ඇති අතර එය හොඳින් ක‍්‍රියාත්මක වන බව පෙනියයි. ඇමෙරිකානු සාරධර්ම අපේ සිත් තුළට කෙතරම් තදින් රිංගාගෙන ඇත්දැයි යන්න සළකන විට, අපත් එම ක‍්‍රමය අත්හදැ බැලීමේ වරදක් නැතැයි සිතේ. ඩොනමොර් ක‍්‍රමයේ විධායක කමිටු පිළිබඳ අගමැතිවරයා සඳහන්කර තිබේ. මංත‍්‍රිවරුන්ගේ විධායක බලතණ්හාව අත්හැරවීමේ හැකියාවක් නොපෙනේ නම් සියලූදෙනාම විධායක කමිටුවලට පත්කළ හැක. කමිටු සාධාරණ සංඛ්‍යාවක් නිර්මානය කළහැකි අතර ඒවායේ සභාපති තනතුර සඳහා පත්වන්නන්ගෙන් අමාත්‍යමණ්ඩලය සකස්කරගත හැකිවේ. එවිට වෙස්ට්මිනිස්ටර් ක‍්‍රමයේ දි තිබිය යුතු පරිද්දෙන්  රජයේ කටයුතු ගෙනයෑමේ වගකීම දරණු ඇත්තේ රාජ්‍ය නිලධාරින් විසිනි. නිළධාරීන්ගේ කටයුතු පාලනය කරන මහා බලගතු ඇමතිවරයෙකු වෙනුවට මේ ක‍්‍රමය තුළ සිටිනුයේ කමිටුවක් හෙයින් කමිටු සාමාජිකයින් එකිනෙකාගේ  වැරදි එකිනෙකා නිවැරදි කරනු ඇති අතර එමගින් පාරද්‍රශ්‍යභාවය සහතික කෙරෙනු ඇත.
එසේ නැත්නම් අපිට පූර්ණ වෙස්ට්මිනිස්ටර් ක‍්‍රමයකට යා හැක. ඒ යටතේ තිබෙනු ඇත්තේ බලයෙන් තොර ජනාධිපති තනතුරක් සහ සිය පක්ෂයට සහ පාර්ලිමේන්තුවට සම්පූර්ණයෙන් වගවන අගමැති තනතුරකි. මේ ක‍්‍රමය ඔිස්ටෙ‍්‍රලියාවේ විහිළුවක් බවට පත්ව තිබෙන අයුරු දකින විට එහි සාර්ථකවිමේ සක්‍යතාවය පිළිබඳ සැක පහලවන නමුත් එය ද සැළකිල්ලට ගතයුත්තකි.

වෘත්තියමය කෙටුම්පත් කිරිමක් අවශ්‍ය ය

 19වෙනි ව්‍යවස්ථා සංශෝධනය උදාහරණයක් සේ ගෙන බලන විට, එය අප කෙටුම්පත් හැකියා අර්බුදයක සිටින බව පැහැදිළි ය.  මන් ද, 19වෙනි සංශෝධනය ලියා ඇත්තේ  ඉතාමත් අශෝභන අවෘත්තික ආකාරයෙනි. එම සංශෝධනය කෙටුම්පත් කළ කණ්ඩායමට ම  නව ව්‍යවස්ථාව ද කෙටුම්පත් කිරීමේ වගකීම බාරදුනහොත් එය ද විපතක්ම වනු ඇත.

ඒ සම්බන්ධයෙන් එක් උදාහරණයක් මෙහි සපයමි. තොරතුරු දැණගැනිමේ අයිතිය එක් සරළ වගන්තියකින් කිව හැකිය. ”නීතිය විසින් අවසර දී ඇති ආකාරයට යටත් ව, කිසියම් රාජ්‍ය ආයතනයකට හෝ පෞද්ගලික ආයතනයකට අයත්  ඕනෑම තොරතුරක් ලබාගැනිමේ අයිතිය සෑම පුරවැසියෙකුම සතුවේ.” ඒ සම්බන්ධ සියලූම අමතර තොරතුරු අදාළ නීතිය  තුළ අඩංගු කළහැකිව තිබින. ඒ වෙනුවට සිදුකර ඇත්තේ  පනත තුළ, දැළක් සේ පටලවන ලද නීතිමය වගන්ති රැුසක්  අඩංගු කිරීම ය. අධිකරණය හරහා මේ එකින් එක පැහැදිළි කරවා ගැණිම පිණිස වසර ගණනාවක් ගතවෙනු ඇති අතර තොරතුරු දැණගැනිමේ අයිතියට සම්බන්ධ නීතිය සකස්කිරීම විශාල අභියෝගයක් වනු ඇත.
නීති විද්‍යලයේ ව්‍යවස්ථා අර්ථ දැක්වීමේ පාඩම උගන්වන අවස්ථාවේ දී නින්දට වැටී සිටි පිරිසකට මේ කාලයේ ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම භාර වී ඇති සේයක් පෙනේ. එම පාඩම අවධානයෙන් උගත් පිරිසකට එම කටයුත්ත භාරදෙන්නට අප වගබලාගත යුතු ය.

මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *