අපරාධ වැඩිවී නැහැ – අඩුවෙලා – වාර්තාකිරීම වැඩිවෙලා !

රටේ අපරාධ වැඩිවී ඇතිබව ජනමාධ්‍ය මගින් ප්‍රකාශ කළද බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කොට ඇත්තේ වසරකට සිරගතවන සංඛ්‍යාව විසි අට දහසේ සිට දහ අට දහස දක්වා දස දහසකින් අඩුවී ඇති බවයි . එලෙස සිරගත වන වැඩි පිරිස රක්ෂිත බන්ධනාගාර ගත වන්නන් බවද කොමසාරිස්වරයා කියයි . ඇතැම් අපරාධවල කුරිරු බව වැඩිවී ඇතත් අපරාධ වැඩිවී නැති බව ඒ මහතාගේ අදහසයි .

අපරාධ ගැන අධ්‍යයනය කරන සමාජ විද්‍යාඥයන්ද කියන්නේ අපරාධ වැඩිවූ බවක් හෝ අපරාධ රැල්ලක් ඇතිවී තිබෙන බවක් සඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් නොකරන බවයි .

යුද්ධය පැවති කාලයේ සිදුවූ අපරාධ කෙරෙහි මාධ්‍ය අවධානය මෙන්ම ජනයාගේ උනන්දුවද අඩු  මට්ටමක තිබීමත් , යුද්ධ ප්‍රවෘත්ති වලින් අපරාධ යටයාම සිදුවූ  බවත් දැන් එම තත්ත්වය වෙනස් වී තිබීම නිසා අපරාධ ගැන කතාබහ වැඩිවී ඇති බවත්ඇතැම් සමාජ විද්‍යාඥයෝ කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *