මහින්දානන්දට එරෙහිව ත්‍රිපුද්ගල මහධිකරණය හමුවේ නඩු

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි හතරකට අධික මුදලක් වැයකර විදේශීය රටකින් ආනයනය කළ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු අරමුණු කරගෙන ක්‍රීඩා සංගම් අතර බෙදා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහධිකරණය හමුවේ නඩු පැවරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අල්ලස් කොමිසමට අවසර දුන්නේය.හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අමතරව සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාටද එරෙහිව නඩු පැවරීම සඳහා නීතිපතිවරයා අල්ලස් කොමිසමට අවසර දී ඇත.

අල්ලස් කොමිසම අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු පැවැරීම සඳහා මෙලෙස අවසර ලබාදී ඇත.

මනෝප්‍රිය ගුණසේකර

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *