හිස්බුල්ලාට අගමැතිගෙන් තරවටුවක්

රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ගෝලීය වශයෙන් මුස්ලිම්වරුන් මහ ජාතියක් බවත් කාගේත් බලපෑම් වලට මුස්ලිම්වරුන් යටත් නොවන බවටත් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා කළ ප්‍රකාශය හෙළා දකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.ඔහු එම ප්‍රකාශය නොකළා යැයි මෙතෙක් ප්‍රතික්ෂේප කර නැති බව කී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයෙක් නම් පවතින තත්ත්වය තේරුම්ගෙන බහුතරය කවුද ? සුලුතරය කවුද? යන්න තේරුම් ගෙන සියලුම දෙනා එක්ව අයිතිවාසිකම් ඇතිකරගත යුතු බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ උපාධිය දෙන ආයතන ආරම්භ කළ හැක්කේ ශ්‍රී ලාංකිකයන්ට පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා එසේ නැතිනම් එම ආයතන රජයට පවරා ගැනීමට සිදුවන බවද අවධාරණය කළේය.

සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ කොළඹ අරලිය ගහ මන්දිරයේදී අද (11) පැවැති විශේෂ හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.

අංජුල මහික වීරරත්න

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *