තව IS ත්‍රස්ත පහක් ගැන ඉන්දියාවෙන් දැනුම්දීමක්

ඉස්ලාමික ත්‍රස්තවාදී අයි.එස්. සමඟ සම්බන්ධතා පවත්වන ලදැයි සැක ‍කෙ‍රෙන ශ්‍රී ලාංකිකයන් පස්‍දෙ‍නෙකු‍ගේ දුරකථන අංක පිළිබඳ ‍තොරතුරු ඉන්දියාව විසින් ශ්‍රී ලංකා බලධාරීන් වෙත ලබාදී  ති‍බේ.

පාස්කු ඉරිදා ‍බෝම්බ පිපිරුමට සම්බන්ධ ශ්‍රී ලාංකික පවුල් ‍දෙකක් හා ඉන්දියානු ජාතිකයන් කිහිප ‍දෙ‍නෙකු අතර ඇතිවූ දුරකථන ඇමතුම් ඇතුළත් විස්තර ද ‍මේ සමඟ ලබා දී ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කර ඇත.

ඉන්දියා‍වේ ජාතික රහස් පරීක්ෂක ආයතන‍යේ (NIA) කණ්ඩායමක් පසුගිය සති‍යේ ශ්‍රී ලංකාවට පැමිණ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සැකකටයුතු සම්බන්ධකම් පැවැත්වූවන් පිළිබඳ පරීක්ෂණ පැවැත් වූ අතර එහිදී ‍මේ ‍තොරතුරු ‍සොයාගැනීමට ඔවුනට හැකි වී ති‍බේ. ‍මෙහි දී තොරතුරු ‍හෙළිකර‍ගෙන ති‍බෙනු‍යේ සමාජ මාධ්‍ය ඔස්‍‍සේ ගනු‍දෙනු කළ සැකසහිත පුද්ගලයන් පස්‍දෙ‍නෙකු පිළිබඳවය.

පාස්කු ඉරිදා ප්‍රහා‍ර‍යේ මහ ‍මොළකරු වූ සහරාන් හසීම් විසින් යම් ප්‍රහාරයක් දියත් කළ හැකි බවට පූර්ව අනතුරු ඇඟවීමක් කරනු ලැ‍බු‍වේද  දඉන්දියා‍වේ ජාතික රහස් පරීක්ෂක ආයතනය විසිනි.

ම‍නෝජ්

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *