ලංකා ස‍තොස විමල් වීරවංශගෙන් බිලියනයක වන්දියක් ඉල්ලයි

ස‍තොස ආයත‍න‍යේ වාහන ත්‍රස්තවාදී කටයුතු සඳහා ‍යොදාගත් බවට පාර්ලි‍මේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බව ලංකා ස‍තොස ලිමිටඩ් ආයතනය විසින් නිකුත් කරන ලද නි‍වේදනයක් මගින් කියා සිටියි.

විමල් වීරවංශ මන්ත්‍රී වරයා‍ගේ ප්‍රකාශ‍යෙන් ස‍තොස ආයතන‍යේ කීර්ති නාමයට මහත් හානියක් සිදු වූ බව සඳහන් කරමින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා ස‍තොස ආයතනය මන්ත්‍රි වරයාට එන්තර වාසියක් ‍යොමුකර ති‍බේ.

පාරිලි‍මේන්තු මන්ත්‍රි විමල් වීරවංශ විසින් සඳහන් කරන ස්ථානයකට කිසිදු ස‍‍තොස වාහනයක් ‍ගොස් ‍නොමැති බවත්, එය සම්පූර්ණ‍යෙන්ම අසත්‍ය කරුණක් බවත්, එමගින් ජනතාව ස‍තොස ‍කෙ‍රෙහි තබා ඇති විශ්වාසය පළුදු වීමට කිරීමට උත්සාහයක් ‍ගෙන ඇති බවත් අදාල නි‍වේදන‍යේ සඳහන් කර ඇත.

එම ප්‍රකාශය සම්බන්ධ‍යෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ජනතාවට සත්‍ය ‍හෙළි කරන ‍ලෙස ඉල්ලමින් ස‍තොස ආයතනය විසින් ‍පොලිස්පති වරයා ‍වෙත ද පැමිණිල්ලක් ‍යොමු කර ති‍බේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *