කොටකෙතන ඝාතන අභිරහස සදාකාලිකව විසදෙන්නේ නැතිවෙයිලු !

පසුගියදා මහත් ආන්දෝලනයකට ලක් වූ කොටකෙතන කාන්තාවන් ඝාතන පිළිබද මුල් සිදුවීම් සියල්ල කිසිදා නොවිසදෙන අපරාධ අතරට එක්වනු ඇති බව පොලිසියට සම්බන්ධ ආරංචි මාර්ගයකින් “යුක්තිය”ට දැනගන්නට ඇත . එසේ මෙම ඝාතන නොවිසදී තිබීමට හේතු වන්නේ එම මුල් ඝාතන කළ අපරාධකරු පසු අවස්ථාවක ඝාතනය කොට සිරුරද අතුරුදන් කර තිබීම නිසා බව අපගේ ආරංචි මාර්ග කියයි .

දී එන් ඒ සාක්ෂි මගින් හෙළි වී ඇත්තේ කොටකෙතන සිදුවූ මුල් කාන්ත ඝාතන හයකටම වගකිව යුත්තේ එකම පිරිමියකු බව යැයි පොලීසිය කියයි .එසේ වුවද පසුව අත් අඩංගුවට ගත් කිසිදු සැකකරුවකුගේ ඩි එන් ඒ  අපරාධ කරුගේ ඩී එන් ඒ සමග ගැලපී නැත . මේ නිසා එම අභිරහස විසදා ගැනීමට පොලීසියට හැකිවී නැත . අපට ලැබුණු ආරංචි මාර්ග කියන්නේ සැබෑ අපරාධකරු අතුරුදන් කොට ඇති නිසා එම දී එන් ඒ කිසිදාක ලබාගත නොහැකි වනු ඇති බවයි . එය එසේ වුවහොත් මෙම අපරාධ සියල්ල අභිරහස් වශයෙන්ම ඉතිහාසයට එක්වනු ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *