සළුසල මහජන සල්ලි කන හැටි හෙළිවෙයි – අදායම ලක්ශ12යි ,වියදම ලක්ෂ 90යි ,ණය කෝටි 100යි

රජයට අයිති සමාගමක් වන සීමාසහිත ලංකා සළුසල ආයතනය මසකට ලක්ෂ හැත්තෑ අටක තරම් පාඩු ලබමින් මහජන මුදලින් නඩත්තු කරමින් මෙතෙක් පවත්වාගෙන ගොස් ඇත්තේ කිසිදු ඵලදායිතාවයකින් තොරව බව රජය කළ පරීක්ෂණයකින් හෙළිදරවු වී ඇත .මසකට රුපියල් ලක්ෂ අනුවක් වියදම් කරන මෙම ආයතනය ලබන මාසික මුළු අදායම ලක්ෂ දොළහ හමාරකි . ශුද්ද පාඩුව මසකට ලක්ෂ හැත්තෑ අටකි .වසරක පාඩුව රුපියල් කෝටි නවයකි . සමගම ණය වී  ඇති ප්‍රමාණය කෝටි සියයකි .

මෙම ආයතනයත් තවත් මෙබදු ආයතන තුනකුත් වහාම ප්‍රතිසන්විධානය  කිරීමට රජය තීරණය කොට ඇත .ඒ සදහා තෝරාගෙන ඇති අනෙක් සමාගම් වන්නේ ජාතික කඩදාසි සමාගම ,ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සහ ලංකා සිමෙන්ති සමාගමයි . මෙම ආයතන සදහා ස්වාධීන කළමනාකරණ මණ්ඩල පත්කොට වාණිජ පදනමකින් පවත්වාගෙන යාමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි .මෙබදු ආයතන නඩත්තු කිරීමට මහජනයාගේ බදු මුදල් නොයෙදවීමට රජය දැඩි තීරණයක් ගෙන ඇති බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *