ජනාධිපති තව අවුලක් හදයි – අද කැබිනට් රැස්වීම නෑ

සෑම අගහරුව දිනකම නිතිපත පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම අද දින නොපැවැත්වෙන බව වාර්තා වෙයි . පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වැඩ කටයුතු නවත්වන තෙක් තම කැබිනට් රැස්වීම්වලට නොඑන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සිකුරාදා කැදවූ හදිසි කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළේය .

කැබිනට් මණ්ඩල රැස්වීම නොපැවැත්වීම නිසා රජයේ වැඩ කටයුතු පිලිබඳ තීන්දු ගැනීමට නොහැකි වීමෙන් අර්බුධයක් ඇතිවෙයි .

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා රැස්වීමේදී කිවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තමාගේ හෝ ආණ්ඩුවේ වැඩක් නොව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල ඉල්ලීම මත සිදුවන පාර්ලිමේන්තු කටයුත්තක් බවයි . එය පත්කළේ ශ්‍රීලනිප ඇතුළු සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් 50 කට වැඩි පිරිසක් කළ ලිඛිත ඉල්ලීමක් අනුව බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය .

කතානායක කරු ජයසුරිය මහතාද මේ ගැන ලිපියක් යවමින් ජනාධිපතිතුමාට පැහැදිලි කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *