වැඩ බලන අමාත්‍යවරුන් පත් කෙරේ

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් වෙනුවට වැඩ බලන අමාත්‍යවරුන් අද දිනයේ පත් කර තිබේ.

ඒ අනුව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

මීට අමතරව අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ රවුෆ් හකීම් අමාත්‍යවරයා දරන ලද නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන දිවුරුම්දී තිබේ.

සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ කබීර් හෂීම් දැරූ මහාමාර්ග, මාර්ග සංවර්ධන, ඛණිජ තෙල් සම්පත් වැඩබලන අමාත්‍යවරිය ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දී ඇත්තේ, අනෝමා ගමගේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *