අද රෑ තෙල් මිල අඩුකරයිද ?

ලෝක වෙළෙඳ පොලේ ඛනිජ තෙල් මිල අඩු වී ඇති නිසා අද රෑ සිදුකිරීමට නියමිත ගාස්තු සංශෝදනයෙදී තෙල් මිල අඩුවීමට ඉඩ ඇති බව වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි .

ශ්‍රී ලංකාවට ගෙන්වන බ්‍රෙන්ට් වර්ගයේ ඛනිජ තෙල් මිල බැරලයක් පසුගිය මාසයේ ඇමෙරිකානු ඩොලර් 72ක් පමණ වූ අතර මේ වනවිට එම මිල 63 දක්වා පහළ බස ඇත . සාමාන්‍ය තෙල් බැරලයක මිල ද ඩොලර් 62 සිට 53 දක්වා පහළ බස ඇත .

ඒ අනුව මිල සුත්‍රය අනුව තෙල් මිල අඩු විය යුතුව ඇත . සම මසකම 10 දින මිල සුත්‍රය අනුව තෙල් මිල නියම කිරීම රජයේ ප්‍රතිපත්තියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *