ආරක්ෂාව ස්ථාපිත කිරීමට නම් නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍ය ධුරයක් සමඟ බලයක් ආණ්වට තිබිය යුතුයි මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

විශ්ව විද්‍යාලවලත් ඉන්නවා යක්ෂයෝ භූතයො කියන කතන්දර විශ්වාස කරන, පැලෝපීය නාල අතින් අල්ලල වෙනස් කරන්න පුළුවන් කියන විෂම අදහස් විශ්වාසර කරන අය. ඒ විදිහට පිරිහිලා තියෙන්නේ අධ්‍යාපන ක්‍රමය තුළ ඉගෙනගත් දෙයක් තියනවද කියලා ප්‍රශ්නයක් තියෙනව.

ඉසෙඩ් කෝ ක්‍රමයෙන් එන්නේ කටපාඩම් කරපු ගිරව් මිසක බුද්ධිමත්ව සමාජ ප්‍රගමනයට මැදිහත් විය හැකි ප්‍රජාවක් ද අපි අධ්‍යාපනය තුළින් උත්පාදනය කරන්නේ කියල ප්‍රශ්නයක් තියෙනව. අනිත් පැත්තෙන් අපි කෙටි කාලීනව දේශපාලන මැදිහත් කරන්න අවශ්‍යයි.

වහාම ජනාධිපතිවරයා තමා අත රඳවාගෙන තියෙන බලහත්කාර තීන්දුව ඉවත් කරලා, හරි විදිහට ක්‍රියාත්මක වෙන්න රජයට වහාම ඉඩ ලබාදිය යුතුයි. එතකොට රජය කරන වැරදි වලට දොස් කියන්න පුළුවන් කමක් අපිට තියෙනව. අගමැතිවරයාට චෝදනා කරනවා ඔහුට ඒ බලය දීලා නැති වෙලාවක.

බලය දෙන්න අපිට එතකොට හොඳට බනින්න පුළුවන්. ඒක හරියට දෙන්නෙ නැති නිසාම අපේ ආරක්ෂාව ගැන ආණ්ඩුවට වග කියන්න බැරි වෙලා තියෙනව. ඒ නිසා මම හිතන්නෙ විශේෂයෙන්ම නීතිය හා සාමය සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍ය ධුරයක් සහිතව බලයක් නැවත ලබා දිය යුතුයි. ඒ සඳහා අපි හඬ නැගිය යුතුයි.

කෙටිකාලීන ආරක්ෂාවත්, දිගුකාලීනව ජාතීන් අතර සහජීවනයකට යාමත් අවශ්‍යයි ඒ සඳහා අපි පෙළගැසීමේ අවශ්‍යතාවය තියෙනව.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ (9) හවස රාජගිරියේ දී පැවති මාධ්‍ය හමුවක දී ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *