ඇමතිවරුන්ට පන්සල් එන්න එපා කියා තහංචි දාන හාමුදුරුවරු අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කරපු කරුණා අම්මාන්ට උප සභාපතිකම දීපු මහින්දට පන්සල්වලට එන්න එපා කිව්වද? – පූජ්‍ය දඹර අමිල හිමි

පසුගිය දවස්වල ඇතිවුණු හා පැන නැගුණු ප්‍රශ්න කිහිපයක් පිළිබඳව විශේෂයෙන්ම අපේ ස්ථාවරය හා අපේ අදහස් අපි හිතන හැටි ගැන මේ රටේ ජනතාවට පුරවැසියන්ට කියන්න ඕනැ කියලා කල්පනා කරලා තමයි මේ අද මේ මාධ්‍ය හමුවට අපි කවුරුත් සම්බන්ධ වෙන්නේ. පුජ්‍ය දඹර අමිල හිමියන් එසේ ප්‍රකාශ කළේ ඊයේ (9) පසුවරුවේ රාජගිරියේ දී පැවති මාධ්‍ය සකච්ඡාවක් අමතමිනි.

එයින් පළවෙනි එක තමයි ටිකක් පැරණි කතාවක් වුණත්, ඥණසාර හාමුදුරුවො අවුරුදු හයක බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කරලා තිබුණු එක ජනාධිපතිට පැවරී ඇති බලතල අනුව සමාවක් දීලා නිදහස් කර ගැනීම කියන කාරණය.

එකෙදි අපි ශාසනය පැත්තෙන් කතා කළොත්, භික්ෂූන්ට අදාළ පෞරුෂත්වයට අදාල කාරණය ගැන කතා කළොත්, භික්ෂුවක් එහෙම යදින එක, මාව නිදහස් කරන්න කියලා එක එක කල්ලි දාලා ඉල්ලන එක, බැගෑපත් බවට පත් වෙන එක ඒතරම් හොඳ තත්ත්වයක් නොවෙයි.

එයා භික්ෂුවක් හැටියට නම් තාම පෙනී ඉන්නේ, භික්ෂුවක් හැටියට නම් තමා කරපු වරදට ආදාල දඬුවම විඳින්නේ, මම හිතන්නේ ඔහුට තිබුණේ ඒ නියමිත අවුරුදු හය ගත කරලා සිංහයෙක් වගේ ආපසු එන්න.

තමාව නිදහස් කරන්න, ඒ වෙනුවෙන් මුස්ලිම්වරුන් අතර තිබෙන සමගිය කඩලා, සහරාන්ට අදාළ වැඩසටහනත් කරලා, රතන හාමුදුරුවන්ට අදාළ නාට්‍යයටත් සම්බන්ධ වෙලා, ජනාධිපතිවරයාගේ නාට්‍යයෙත් කටස්කාරයෙක් වෙන්නම්, කියලා පස්වාන් දහසකට බුදු වෙන්න කියලා යදැලා හිරෙන් නිදහස් වෙච්ච එක එච්චර හොඳවැඩක් නෙමේ.

‘ජීවිතය ගහලා ගියත් හිස නමන්නේ නැහැ සිංහයා., ඒ වගේම භික්ෂුවත් සිංහයෙක් වගේ. චීවර, පිණ්ඩපාත, සේනාසන නැතිවුණත්, කිසිවෙකුටත් හිස නමන්නේ නෑ කියන එක ගාථාවකින් දේශනාවේ තියෙනව.

මෙතනදි ඥාණසාර හාමුදුරුවො කළේ, බුදු හාමුදුරුවන්ගේ එම සිංහ සෙයියාව ලක්ෂණයෙන් ස්වාමින් වහන්සේලා ශාසනයේ සිටිය යුතු ආකාරය ගැන නොතකා, දෙකට තුනට නැමිලා පස්වාන් දහසකට සමාවෙන්න කියලා, ජනාධිපති නමැති ගිහියා ඉදිරියේ හතර ගාතෙන් වැටිලා එළියට ආව එක.

හරිනම්, තමා වරදක් කළා. ඒ තමයි අධිකරණයට කඩා වැදිලා අධිකරණයට අපහාස කරපු එක. ඒක මම විසින් කරපු වරදක්. ඒකට දඬුවම තමයි අවුරුදු හයක් බන්ධනාගාර ගතකරපු එක. ඒක මම පිළිගන්නවා, ඒකට අදාල කඬුවම විඳලා, මම මින්පසු එවැනි වැරදි කරන්නේ නෑ කියලා. හරි විදිහට එළියට එන්න තිබුණේ. නමුත් එහෙම එන්න හයිය තිබුණේ නැහැ. ඒ හින්දා අපි ඇත්තටම කණගාටු වෙනවා, ශාසනේ සම්බන්ධ සාමාජිකයෙක් මේ විදිහට ශාසනේට සම්බන්ධ භික්ෂුවක සතු අභිමානය හා ගෞරවය බිඳ හෙළීම සම්බන්ධව. අපි ඇත්තටම කනගාටු වෙන්න ඕනෙ.

ඒ වගේම ගම්පහ පැත්තෙ හාමුදුරුවරු කණ්ඩායමක් මංගල සමරවීර ඇමතිවරයාට සහ රාජිත සේනාරත්න ඇමතිවරයාට යම්කිසි තහංචියක් පනවලා තිබුණා උන්වහන්සේලා වඩින උත්සව වලට සහභාගිකර ගන්නේ නැත, ආරාධනා කරන්නේ නැත කියලා. ඒක විහාරස්ථාන දක්වා ක්‍රියාවලියකට යනවා කියලා, ආඥාවක් නිකුත් කරන ස්වාරූපයක් පෙන්නුවා.

විශේෂයෙන් කියන් ඕනැ. රාජිත සේනාරත්න හා මංගල සමරවීර කියන දෙන්නා අපි හොඳටම දන්න විදිහට හොඳ බෞද්ධයන්. එයාලා කරලා තියෙන්නෙ හොඳ බෞද්ධ කාර්යභාරයන්. රාජිත සේනාරත්න තමයි ලංකා ඉතිහාසයේ අපි දකින හොඳම සෞඛ්‍ය ඇමතිවරයා. මම හිතන්නෙ නෑ ඒ ගැන කිසිම කෙනෙක් විවාදයකට එනවා කියලා. කිසි කෙනෙකුට බෑ සංසන්දනය කරලා බලලා ඊට කලින් හිටපු අය හොඳයි කියලා කියන්න. විප්ලවීය වෙනසක් ඇති කරලා තියෙනවා, පහසුකම් වලින්, ප්‍රතිපත්ති වලින්, ඖෂධ මාපියාවත් එක්ක, ජාවාරම් කාරයොත් එක් හැපිලා මේ රටේ මිනිස්සුන්ට, ලෙඩ්ඩුන්ට අවශ්‍ය සහන ලබාදීම සඳහා විශාල දායකත්වයක් දීලා කාර්යභාරයක් කරපු එක්කෙනෙක්. ඒ නිසා හාමුදුරුවරු මුලින්ම ඒක තේරුම් ගන්න ඕනෙ.

මංගල සමරවීර අමාත්‍යවරයා කියන්නේ, ලක්ෂ්මන් කදිරගාමර් ආමාත්‍ය වරයෙගෙන් පස්සේ හිටපු විශිෂ්ඨතම විදේශ අමාත්‍යවරයා එදා. යහපාලන ආණ්ඩුව එනකොට එයා තමයි විදේශ අමාත්‍යවරයා. එයා එනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම ලංකාව පටලල තිබුණා, ජාත්‍යන්තරය අපිව සම්පූර්ණයෙන්ම කොන් කරලා තිබුණා. විදුලි පුටු කතාව ආවෙ ඒකත් එක්ක. ජී.එස්.පී. සහනය නැති කරලා තිබුණා. අපිට ජාත්‍යන්තර මිතුරො අහිමි කරලා තිබුණා. මහින්ද රාජපක්ෂගෙ ආණ්ඩුවෙ කරපු දේවල් වලට අනුව. එවන් යුගය මංගල ඇමතිවරයා ලෝකය පුරා සංචාරය කරලා, යහපාලනය කියන එක අපේ රටේ ඇති කරනවාය කියලා. ඒක ඇතුළෙ මාධ්‍ය නිදහස ඇතුලු සකලවිධ නිදහස දෙනවා කියලාථ ඒ රටවල් වලට ගිහිල්ලා කියලා, ටික ටික යහපාලන ලක්ෂණ ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළා. එහෙම තමයි ජී.එස්.පී. තහනම, මත්ෂ්‍ය තහනම ඉවත් කරගන්න, ජාත්‍යන්තරය අපිට දිනා ගන්න හැකි වුණේ. එකේ ප්‍රධාන මෙහෙයුම් කරු හැටියට යහපාලන ආණ්ඩුවේ මංගල සමරවීර ඇමති කරයා තමයි මේ වැඩේ කළේ. ඒ නිසා විහාරස්ථාන තහනම් කරන්න නෙමේ ඕනැ, සෑම විහාරස්ථානයකින්ම ගෞරව දක්වනයි ඕනැ.

අරන්තලාවේදි භීක්ෂුන් වහන්සේලා තිස් ගණනක් කපා කොටා මරපු වෙලාවෙදි, ඒකට සම්බන්ධ වුණු කරුණා අම්මාන්ට පක්ෂයේ උප සභාපතිකම්, ජ්‍යේෂ්ඨ උප සභාපතිකම් දෙන වෙලාවේ මොන හුමුදුරුවොද කිව්වේ කරුණට පන්සලට එන්න එපා කියලා. කරුණට සභාපතිකම් දුන්න මහින්ද රාජපක්ෂට පන්සල්වලට එන්න එපා කියලා කිව්වද?

මහින්ද රාජපක්ෂගෙ පුත්තු දළදා මාලිගාව අභියස රුසියානු ගණිකාවන් ගෙනල්ලා හෙළුවැල්ලෙන් නටවන කොට ඒ මොන හාමුදුරුවන්ට ද පණ ආවේ ඔවුන්ට දළදා මාලිගාව තහනම් කරන්න. මල්වතු අස්ගිරි මහා විහාර තහනම් කරන්න.

තහනම පනවපු ගම්පහ දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන පුටුවෙ හිටපු හාමුදුරුවො පුංචි ළදැරියකව දූෂණය කරලා, අවුරුදු හතක් බන්ධනාගාර ගතවෙලා ඉඳලා වරදකරුවෙක් වෙලා තහංචි පිට තහංචි දාලා, ලන්ඩන් බෞද්ධ විහාරයේ වැටක් ගහලා දහම් පාසල පැත්තට පනින්න එලා කියලා තමයි නිදහස් කෙරුවේ. එයාලා තමයි මේ තහංචි පනවන්නේ.
මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *