ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ශ්‍රීලංකාවට

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළේදී මහත් හරසරින් පිළිගනු ලැබීය.

නරේන්ද්‍ර මෝදී මහතා ඉන්දියානු විශේෂ ගුවන් යානයකින් අද පෙරවරු 11.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

හමුදා ගෞරවාචාර මධ්‍යයයේ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා උණුසුම් අන්දමින් පිළිගෙන විශේෂ අමුත්තන්ගේ පර්යන්තය කරා කැඳවාගෙන එනු ලැබීය.

එහිදී විශේෂ අමුත්තන්ගේ සටහන් පොතෙහි සිය සටහන තැබූ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා සමග එකම රථයකට ගොඩවී කොළඹ බලා විශේෂ රිය පෙරහරකින් පිටත් වූයේ සුහඳ සාකච්ඡාවක නියැළෙමින්ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විශේෂ ආරාධනය පරිදි දිවයිනට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අතර නිල හමුව අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දීය අගමැතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අද දිවයිනෙන් පිටත්වීමට පෙර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා දෙමළ ජාතික සන්ධානය නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් හමුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *