වමේ නායකයන් වරප‍්‍රසාද සදහා ප‍්‍රතිපත්ති පාවාදුන්නා. – කොමිනියුස්ට් පක්‍ෂයේ තරුණ සම්මේලනයේ හිටපු ලේකම්, මධ්‍යමකාරක සභික.- එස්.ආර්. එඞ්වඞ්

ශ‍්‍රීලංකාවේ වාමාංශික පක්‍ෂ, ආරම්භයේ සිටම වතුකම්කරුවන්, වාරය කම්කරුවන් ඇතුළු සමස්ථ කම්කරු ව්‍යාපාරය වෙනුවෙන්ම ඍජු නියෝජනයක් කරනු ලැබුවා. ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, සමසමාජ පක්‍ෂ හැඳින් වූයේ වැඩකරන ජනතාවගේ පක්‍ෂය වශයෙන්. එහෙත් දශක කිහිපයක සිට එනම් 70 දශකයේ මුල් භාගගයේ සිට දසක තුනහමාරක කාලය තුළ ඔවුන්ගේ භූමිකාව වෙනස් ම`ගක් අරගෙන් තියෙනව. ඔවුන් ගේ පසුගිය මෙන්ම වත්මන් කාර්යභාරය වශයෙන් පෙනෙන්නේ ධන පත්ති පක්‍ෂ සම`ග සන්ධානගතව හෝ අවබෝධතාගිවිසුම් මගින් එම ධනපති පක්‍ෂ බලයට පත්කිරීම හෝ බලයට පත් වූ පක්‍ෂ කඩාවැටෙන්න නොදී ආරක්‍ෂා කිරීමට උදව් කිරීම? මෙයද ඔවුන් සතු කාර්යභාරය වියයුත්තේ? වාමාංශික ව්‍යාපාරය ආරම්භයේ සිට අද දක්වා ක‍්‍රමික ගලායාම පිළිබඳ කෙටියෙන් විග‍්‍රහයකයෙදෙවානම්.

සමසමාජ පක්‍ෂ වශයෙන් පිහිටුවන්නේ 1935 දී. එහෙත් මෙම ව්‍යාපාරය 1929 දී පමණ ඉඳලා සූරියමල් ව්‍යාපාරය වැනි සංවිධාන සම`ග ක‍්‍රමයෙන් ගොඩනැ`ගුනා. තනි පක්‍ෂයක් වශයෙන් පැමිණි මෙම පක්‍ෂය 1940 පමණ වන විට පක්‍ෂය කැඩෙනවා සමසමාජ පක්‍ෂය හා කොමිනියුස්ට් වාදීන් වශයෙන් කණ්ඩයම් දෙකකට. ඒ කැඩුනේ ජාත්‍යන්තර පක්‍ෂයක් උඩ. තුන්වෙනි ජාත්‍යන්තරය කියන ප‍්‍රශ්නය උඩ. මේ පක්‍ෂ දෙකේම හිටියේ උගත් බුද්ධිමත් පිරිසක්. මේ අය තමන්ගේ ධනය වියදම් කරමින්, බුද්ධිය පාවිච්චි කරමින් කැපවෙලා වැඩකෙරුවා. එන්.එම්. පෙර්රා, පීටර් කෙනමන්, කොල්වින් ආර්. ද සිල්වා, දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහ වගේ අය. ඒ නිසා එදා කම්කරු පන්තිය අතර මාක්ස්වාදීන් කෙරේ ලොකු විශ්වාසයක් තිබ්බා. ඔවුන් විශ්වාස කළා මේ නායකයින් අප වෙනුවෙන් පෙනී සිටිනවා කියල. මේ වන විට සෝවියට් කඳවුර බලවත්ව තිබුණා. එයත් වාමාංශික ව්‍යාපාරය කෙරේ ගොවි කම්කරු ජනතාව නැඹුරුවෙන්න. ඔවුන්ගේ නායකත්වය පිළිගන්න හේතුවක් වුණා. මෙම පක්‍ෂ දෙකම වතුකම්කරුවන් අතර මෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාරයේ විශාල වපසරියක් පුරා ක‍්‍රියාත්මක වුණා.

වාමාංශික ව්‍යාපාරය අතිවිශාල පසුබෑමකට ලක්වුනේ 70 දශකයේ සිට. 1962 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එක් අවස්ථාවක්. ඒක නිසා සුළු ජන කොටස් ඈත් වුණා. ඒවගේම වමේ දේශපාලන පක්‍ෂවල දෘෂ්ටිමය වැරදි සහ පවතින සමාජ ආර්ථික තත්ත්වයන් නිවැරදිව තේරුම් නොගැනීම නිසා, ජනතා ප‍්‍රශ්න ගැන පොදු ජනතාව අතර බුද්ධිමය සංවාදයක් ගොඩ නැගීමට නොහැකි වීම නිසාත්, ඔවුන්ට තම අදහස් දැක්වීමට, තම අසාධාරණ කියා පෑමට වේදිකාවක් නොතැනීම නිසාත් ජනතාව විශාල වශයෙන් වමේ ව්‍යපාරයෙන් ඈත් වුණා. මේ නිසා විවිධ පක්‍ෂ හරහා වෘත්තීය සමිති බිහිවෙන්න පටන් ගත්තා. ඒ නිසා වාමාංශික පක්‍ෂ කෙරෙහි කම්කරු පන්තියේ බිඳවැටීමක් ඇති වුණා. වෘත්තිය සමිති බලය අහිමි වුණා.

මම අවුරුදු 34 ක් පූර්ණකාලීනයෙකු ලෙස කොමිනියුස්ට් පක්‍ෂයේ වැඩ කෙරුවා. මම තරුණ සම්මේලනයේ ලේකම් විදිහට විදේශ සමුළු කීපයක් නියෝජනය කරන්නට අස්ථාවක් ලැබුණා. එහිදී මට අත්දැකීමක් ලැබුණා, විදේශ රටවල වාමාංශික ව්‍යාපාරය තුළ ජනතාව වෙනුවෙන් වැඩකරන්නේ කොහොමද කියල. ඔවුන්ට පක්‍ෂ අතර තර`ගයක් තිබුණෙ නෑ. ඔවුන්ට අවශ්‍ය වුනේ සිය සහෝදර ජනතාවට වැඩි වැඩකොටසක් කරන්නෙ කොහොමද කියන එකයි. එහෙත් ලංකාවේ එහෙම තත්ත්වයක් තිබුණෙ නෑ. ලංකාවේ සමසමාජ හා කොමිනියුසිට් කියන පක්‍ෂ අතර තර`ගයක් තමයි තිබුණේ. එය රාජ්‍ය බලය දිනාගැනීමේ තර`ගයක් නෙමේ.

ඔවුන්ගේ දෘෂ්ටිමය පහළ වැටීමක් නිසා එකිනෙකා අතර තමයි තර`ගයක් තිබුණෙ. ඔවුන්ට මේ රටේ බලය ලබාගෙන සමාජවාදී රාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණක් තිබුනෙ නෑ. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ පක්‍ෂ අතර තර`ගයෙන් ඉස්මතුවීම කියන එක පැහැදිලියි. එයට උදාහරණයක් තමයි 1953 හර්තාලය. එය ඓතිහාසික සිද්ධියක්. මේකෙදි රටම අඩපන වුණා. කොළඹ අකර්මන්‍ය වුණා. කොළඹ ඇරුණුකොට සාර්ථකවම හර්තාලය ක‍්‍රියාත්මක වුනේ යාපනය දිස්ත‍්‍රික්කයේ. වවුනියාවෙන් එහාට කඩයක්වත් ඇරලා තිබුණේ නෑ. ඔවුන් මේකට සත්භාවයෙන්ම කැප වුණා. නමුත් මේ ජනතා නැගිටීම ජනතා ජයග‍්‍රහණයක් කරා ගෙනයාමට මෙම වාමාංශික පක්‍ෂ සමත් වුනේ නැහැ.

ඩඞ්ලි පැනල ගිහිල්ලා නැවක කැබිනට් රැුස්වීම තිබ්බ වගේම, අපි එක් දිනයක් සඳහායි හර්තාලය ලෑස්ති කෙරුවෙ කියල ප‍්‍රකාශ කරල වාමාංශික නායකයොත් මෙම හර්තාලය අතඇරලා පැනල ගිහින් හිටියේ.  මේ රටේ පළවෙනි වාමාංශික නැගිටීම වන ‘53 හර්තාලය’ විශාල පාවාදීමක් වුණා. 9 දෙනෙක් ඒ හර්තාලෙදි මියගියා. මේ වගේ දුර්වල කම් වාමාංශික ව්‍යාපාර වල තිබුණා.

වම වශයෙන් එදා මුලින්ම හඳුන්වන්නට පටන් ගත්තෙ එංගලන්තයේ රජ්ජුරුවන්ගේ වම් අත පැත්තෙ හිටපු කණ්ඩායම. ඔවුන් දැරුවේ රජ්ජුරුවන්ගේ මත වලට විරුද්ධ අදහස්. රජුගෙ වම් අත පැත්තේ හිටපු කණ්ඩායම නියෝජනය කෙරුවේ පොදු ජනතාවගේ  ඕනෑ එපාකම්, දුක්ගැනවිලි. රජ්ජුරුවන්ට දකුණු අත පැත්තෙ හිටියේ රජ්ජුරුවන්ගේ ජනතාව පෙළන පාලනයට සහයෝගය දුන්න පිරිස. පසුගිය වකවානුවේ වමේ කියන කොටස් හිටියේ පාළකයගේ පැත්තෙ මිසක් ජනතාව පැත්තෙ නෙමේ. ඔවුන් ජනතා සිතුම් පැතුම් නියෝජනය කෙරුවෙ නෑ. 70 ගණන් වල සිට අද වෙනකම් වාමාංශික ව්‍යාපරයේ නායකයන් හිටියේ වමේ නෙමේ දකුණෙ.

අපේ රටේ වමේ නායකයන් බිහි වෙලා තියෙන්නේ රටේ ඉහළ මධ්‍යම පාන්තිකයන්ගේ හෝ ධනපති පවුල්වලින්. ඉහළ පන්තියෙ තරුණයන් පිටරට ගිහින් ඔවුන් ඉගනෙ ගත්ත අධ්‍යාපන ආයතනවල වාමාංශික ව්‍යාපාරවලට සම්බන්ධ වූ නිසා ලංකාවට ඇවිත් වාමාංශික ව්‍යාපාර ආරම්භ කෙරුවා. ඔවුන් වැඩකරන ජනතාව, දාඩිය හෙළන ජනතාව අතරින් ගොඩනැගුණු නායකයන් නෙමේ නේද? මේ නිසා ඔවුන්ට සැබෑ ජනතා උවමනාවන් වැටහුණේ නැද්ද? නැත්නම් ඔවුන්ට අවශ්‍ය වුනේ තමන් පිටරට විශ්ව විද්‍යාල වලදී ලබාගත් වාමාංශික දැනුමත්, උගත්කමත් ප‍්‍රදර්ශනය කිරීමට වාමාංශික නායකයන් බවට වැජඹීමට පමණක්ද? ඔවුන්ට ජනතාව වෙනුවෙන් පෙනීසිටීමේ සැබෑ උවමනාවක් තිබුනේ නැද්ද?

වාමාංශික ව්‍යාපාරය ඒ විදිහට තමයි ඉතිහාසගත වෙන්නේ. ඔවුන්  බිහිවෙන්නේ ප‍්‍රභූ පන්තියෙන්. එහෙත් ඔවුන් ඉගෙන ගත් වාමාංශික දර්ශනය ජනතාවාදී දර්ශනයක්. සමාජවාදී දර්ශනය නිර්මාණය කළ, ක‍්‍රියාත්මක කළ මෙන්ම ව්‍යාප්ත කළ නායකයන් බොහොමයක් කම්කරු පන්තිය තුළින් බිහිවුන අය නෙමේ. හැබැයි පසුකාලීන කම්කරු පන්තියෙනුත් පිරිසක් නායකත්වයට පත් වුණා. ලංකාවෙන් උදාහරණ විදිහට ගන්නවානම් වී.එස්. සමරවික‍්‍රම, කේ.පී. සිල්වා, ජැක් පෙරේරා, විලියම් වගේ කම්කරු පන්තියෙන් බිහිවුන වමේ නායකයන්, මධ්‍යම පන්තියේ වෘත්තීය සමිති නායකයොත් මේකට ඇතුළු වුණා.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාණය කළ රෝහණ විජේවීර බිහිවෙන්නේ ප‍්‍රභූ පන්තියෙන් නෙමේ. ඔහු දකුණේ දුෂ්කර ගමක ඉපදුන, රජයේ සේවකයෙකුගේ පුතෙක්. ඔහුට පැරණි වමේ නායකයන්ට වඩා ජනතා දුක, ජනතා උවමනාවන්තේරෙන්න ඇති නේද? ජනතාවගේ  ඕනෑ එපාකම් ඉටු කරන්න ජනතා රජයක් පිහිටුවීමේ අවශ්‍ය තාවය සැබෑ ලෙසම ඇති වෙන්න ඇති නේද?

ඔව්. ඔහු නිර්ධන පන්තියෙන් බිහිවුන නායකයෙක්. ඔහුට පන්ති අවශ්‍යතාවය සැබැවින්ම තිබුණා. ඔවුට පවතින පාළන ක‍්‍රමය පෙරළාදමා ජනතා රජයක් බිහිකිරීමේ උවමනාව තිබුණා. ඔහු සෝවියට් දේශයට අධ්‍යාපනය සඳහා යනකොට දේශපාලනයේ විශාල අර්බූදයක් තිබුණා. මාවෝ වාදය හා ස්ටාලින් වාදය කියන මද වාද දෙක කරළියට ඇවිත් තිබුණා. ඔහු තෝරාගත්තේ මවෝ කියන පිළ. ඒ වන විට මවෝ ලයින් එක හිටියේ සෝවියට් දේශයත් එක්ක නෙමේ. ඊට විරුද්ධව තමයි හිටියේ. 1969 දී පමණ ඔහු ලංකාවට එනකොට ලංකා සමසමාජ පක්‍ෂය හා කොමිනිසිට් පක්‍ෂය ජාත්‍යන්තරයත් එක්ක බොහෝ සම්බන්ධයි. එක කණ්ඩායමක් 4 වන ජාත්‍යන්තරයත් එකක්, අනිත් කණ්ඩායම සෝවියට් දේශය ප‍්‍රමුඛ සමාජවාදි කඳවුරත් එක්කත් හිටිය. පවතින සමාජ ක‍්‍රමය වෙනස් කිරීමට හෝ ජනතා රජයක් බිහිකිරීමට මෙම කණ්ඩායම් දෙකට උවමනාව තිබුණෙ නෑ. පැරණි වමට  ඕනෑ කම තිබුණේ පවතින පන්තික‍්‍රමය ඒ විදිහට තියාගෙන සමාජවාදි අරගලය කරන්න.

ඒක වෙනස් විදිහකින් රෝහණ විජේවීර දැක්කා 1952 කියුබානු විප්ලවයත් එක්ක. පිදෙල් කැස්ත්‍රෝට ශුද්ධ වූ ඉලක්කයක් හා අරමුණක් තිබුණා. ශුද්ධ වූ කැපවීමකුත් තිබුණා. පීඩා විඳින ජනතාව එයින් මුදවා ගැනීමේ දැඩි උවමනාවක් තිබුණා. ඔහු අවුරුදු 5 යි, මාස 5 යි. දවස් 5 කින් බැසිස්ටා පන්නලා දාලා රාජ්‍ය බලය අල්ලා ගත්තා. මේ ආභාෂය එදා හිටිය තරුණ කොටස්වලට ඇතිවුණා. ඒක රෝහණ විජේවීරටත් ඇතිවුණා. මම හිතන්නෙ ඔහු කල්පනා කරන්න ඇති මේ පවතින පන්ති සමාජ ක‍්‍රමය මේ විදිහටම තියාගෙන සමාජවාදයට යාමට බැහැ. කියුබාවේ ක‍්‍රමය තමයි අනුගමනය කළ යුත්තේ කියල.

1971 දී ඇතිවූයේ ජනතා අරගලයක් කියල හැඳින්වූවත් ගොවි කම්කරුවන් ඇතුළු පොදු ජනතාව ඒ අරගලයත් එක්ක හිටියේ නෑ. ඒ පමණක් නෙමෙයි. එහෙම ජනතාව වෙනුවෙන් විප්ලවයක් කෙරෙන බව ජනතාව දැනගෙන හිටියෙත් නෑ.

විජේවීරට වැරදුණ එක හේතුවක් තිබුණා. පිදෙල් කස්ත්‍රෝ ප‍්‍රහාරය එල්ල කළේ බැසිස්ටා කියන දරුණුම ඝණයේ පැසිස්ට් වාදියාගේ පාළන තන්නත‍්‍රයට. ඔහු ජනතාවට දැඩි පීඩනයක් එල්ල කළා. නමුත් එවැනි තත්ත්වයක් ලංකාවෙ තිබුණෙ නෑ. ඒ වන විට නවරජයක් ගැන බලාපොරොත්තු තබාගෙන සිටි යුගයක්. සිරිමාවෝ අගමැතිතුමිය ප‍්‍රධානත්වයෙන් සමගි පෙරමුණු රජයක් බිහිවෙලා වැඩි කලක් නෑ. ජනතාව තුළ එම රජය කෙරහි බලාපොරොත්තුවක් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ රජය පෙරළන්න ප‍්‍රහාරයක් එල්ල කිරීමක් සිදුනොවූ බවත්, ඔවුන් සිදුකළේ මර්ධනයට මුහුණ දීමක් බවත්. එහි බොහෝ දුරට සත්‍යතාවක් තියෙනව.

1971 කැරැුල්ල පසු පොදු මතයක් ගොඩනැ`ගුණා කිසි කලෙක යළිත් එවන් සන්නද්ධ අරගලයක් ඇති වෙන්නෙ නෑ කියල. එහි ඇති වූ අසාර්ථකත්වය, තරුණ ජීවිත විනාශය, ඒ තුළ ඇති වූ පාවාදීම්, පොදු දේපළ හානිය වගේ කරුණු එම සිතුවිල්ලට බලපෑ කරුණු කීපයක්. නමුත් 1988 – 1989 වන විට යළිත් රජය පෙරළා දැමීමේ සන්නද්ධ අරගලයක් ඇති වෙනවා. මෙයට පසුබිම් වන සාධක මොනවාද?

ඉතිහාසයේ එක සිදුවීමක් ඒ කාරණය සඳහාම යළි ගොනුවීමක් සිදු වෙන්නේ නෑ. 1971 සිදු වුණේ රජය පෙරළා දැමීමේ කැරැුල්ලක් නෙමෙයි. මර්ධනට මුහුණ දීමක්. 1987 සිට දැඩි මර්ධනයක් එන්න පටන්ගත්තා. ඒ වගේම රජයේ තීන්දු තීරණ ජනතාවට හිතකර නොවන බවක් පෙනෙන්න තිබුණා. ඉන්දියානු හමුදාව ගෙන්වීම වැනි කරුණු රටේ ස්වෛරීභාවයට තර්ජනයක් බව ඔවුන් දැක්කා. එහිදී ඔවුන් රජයට විරුද්ධව ක‍්‍රියාත්මක වුණා. ඔවුන් පොදු දේපළ විනාශ කිරීම වැනි ක‍්‍රියාවන්ට පවා යොමු වුණා. ඒක නොමෙරූ දේශපාලන ක‍්‍රියාවක්. කොහොම නමුත් එයත් රාජ්‍ය විරෝධී අරගලයක් හැටියට දකින්න බැහැ. එයත් මර්ධනයට මුහුණ දීමක් හැටියට තමයි දකින්න හැකිවෙන්නේ.

ජනතා විමුක්ති පෙරමුණ දෙවන නැගිටීම පැසිස්ට්වාදී ස්වරූපයක් ගන්නවා. ඔවුන්ට විරුද්ධ මත දරන්නන් ඝාතනය කිරීම පවා සිදුවෙනවා. වාමාංශික අදහස් දැරූ සංවිධාන වලට පවා ප‍්‍රහාර එල්ල එල්ල වෙනවා. ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක විජය කුමාරතුංගයන් ඇතුළු දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කරනවා. සමාජවාදී ව්‍යාපාරයක් තුළ පැසිස්ට්වාදයට ඉඩක් තියෙනවද?

මේ වනවිට ජූලි සිද්ධීන් ඇති වෙලා තිබුණා. උතුරේ කොටි සංවිධානය බිහිවෙලා තිබුණා. කොටි සංවිධානය ශක්තිමත් වුණේ ඔවුන්ගේ විරුද්ධවාදීන් මරා දැමීම තුළින්. ඔවුන්ගේම දේශපාලන නායකයින්. හමුදා නායකයින් ඇතුළු පිරිස් ඔවුන්ගේ ඉලක්කය වුණා. ඒ වගේම ස්වරූපයක් තමයි ජ.වි.පෙ. තුළත් තිබුණේ. ඔය දෙකෙන්ම පිළිඹිබුවුනේ පැසිස්ට්වාදි ලක්‍ෂණ. ඔවුන්ගේ අරමුණු වල වෙනස්කම් තිබුණා.

සමහරු කියනවා ජ.වි.පෙ.න් එල්.ටී.ටී.ඊ එක ඉගෙන ගත්තා කියලා. තවත් පිරිසක් කියනවා එල්.ටී.ටී.ඊ. එකෙන් ජ.වි.පෙ. ඉගෙන ගත්තා කියලා. ඔබ දකින ආකාරය කෙසේද?

කොටි සංවිධානයෙන් ජ.වි.පෙ. ඉගෙන ගත්තෙ නෑ. ඌවෙ කැරැුල්ලෙන් පස්සේ දේශපාලන මුහුණු වරකින් සන්නද්ධව නැගිට්ට කණ්ඩායම තමයි ජනතා විමුක්ති පෙරමුණ. සමාජ වාදය ගොඩනැගීම අරමුණු කරගෙන තමයි එම සංවිධානය බිහිවෙන්නේ. පසු කාලෙක මර්ධනයට මුහුණ දෙන්න ගිහින් ගමන් මාර්ග වෙනස්වුණා. කොටින්ට තිබුණේ වෙන අරමුණක් දෙමළ ඊලාම් රාජ්‍යයක් ගොඩනැගීමේ උවමනාව. හැබැයි මේ සංවිධාන දෙකම ගොඩ නැගීම ගත්තාම යම් සමාන කමක් තියෙනව. දකුණේ වාමාංශික නායකයො බොරුවක් කෙරුවා. ඒ බොරුවෙන් රැුවටුණු තරුණ කොටස් තම සමාජ උවමනාවන් යථාර්ථයක් බවට පත්කර ගැනීමට තමයි අර විදියේ සංවිධානයක් ගොඩන`ගා ගත්තේ. උතුරෙත් ඇති වුණේ එවැනිම තත්ත්වයක් තමයි. උතුරේ පැරණි නායකයන් ඔවුන්ට බොරු කෙරුවා. ඔවුන් හිතුවා ඔවුන්ගේ උවමනාවන් ඉටු කරගැනීමට වෙනම රාජ්‍යයක් ඇති කර ගැනීමට. කොහොම වුනත් එකම අරමුණක් කරා තමයි ඉලක්කය වුණේ. ඒ කියන්නේ රාජ්‍ය බලයක් සඳහා සන්නද්ධ අරගලයක්. නමුත්  සන්නද්ධ අරගලය නොවියයුතු, නොගැලපෙන ක‍්‍රමවේදයක් හැටියටයි මම දකින්නේ.

ත්වෙන කිසිම රජයක් ජනතා ප‍්‍රශ්න දිහා ඇස් ඇර නොබලනවානම්, ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳන්නේ නැත්නම් ඔවුන් එතනට තල්ලූවීම වලක්වන්න බැහැ නේද?

ඒක වෙන්නෙ නිවැරදි සංවාදයක් නැති කම නිසා. ඔවුන්ගේ ප‍්‍රශ්න වටහා නොගැනීම නිසා. ඔවුන්ට තම ඉල්ලීම් ඉල්ලීමට වේදිකාවක් සාදා නොදීම වැනි හේතු නිසා. එම තත්ත්වයන් නැති නොවනතාක් ජනතා නැගිටීම් වරින් වර සිදුවීම වැළැක්විය නොහැකියි. එසේ නොවුන තැනදි තමයි දෙපිරිසම ආයුධ අතට ගත්තේ.

මාක්ස් ලෙනින් චින්තනයන් තුළ ජාති, ආගම්, කුළ බේදයන් ඇති වෙන්න බැහැ. පීඩිතයන් සැමෝම පන්ති සටනේ දී නැගිටිය යුතුයි. ‘සාදුන් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්. අන්තිම සටනට සැරසියව්’ කියල කියනවා. එහෙත් දකුණේ කැරැුල්ලට උතුරේ සහභාගීත්වයක්වත්, උතුරේ අරගලයට දකුණේ සහභාගිත්වයක්වත් තිබුණේ නෑ. දෙපැත්තේම සටනේ පෙනෙන නොපෙනන ජාතිවාදී ස්වරූපයක් තිබුණා. එසේ විය හැකිද?

උතුරේ සිදුවුනේ දෙමළ ජනතාවගේ විමුක්ති අරගලය. ඔවුන්ගේ පීඩනය නිසා ඔවුන්ගේ විමුක්තිය උදෙසා තමයි ඔවුන් පෙළ ගැසුණේ. ඔවුන්ට සමාජවාදයක් ගොඩනැගීමේ අරමුණක් තිබුණේ නැහැ. දකුණේ අරගලයේත් ජාතිවාදි ස්වරූපයක් තිබුණා. එතන පීඩිත ජනතාවගේ ජාතිවාදී ස්වරූපයක් තිබුණා. මේ දෙකම ආරම්භයේ දී ගොඩනැ`ගුනේ ජාතිවාදි ස්වරූපයෙන් නෙමෙයි. 1971 කැරැුල්ල ගොඩනැ`ගුනෙත් ජාතිවාදී ස්වරූපයකින් නෙමයි. කොටි සංවිධානයත් එහෙම නෙමයි. එහෙත් පසුකාලීනව එම තත්ත්වයන් වෙනස් වුණා. ඔවුන් ජනතාව දිනාගැනීමේ වුවමනාවන් මත ජාතිවාදය මේ තුළට ඈඳාගත්තා.

සමාජවාදී ව්‍යාපාරය ඇරඹෙන්නේ බහුතර පීඩිත ජනතාවගේ යහපත පිණිස නම් ඔවුන් මෙම පක්‍ෂ වටා එක්රොක්වෙමින්, ඔවුන්ව රාජ්‍ය බලයක් දක්වා ගෙනයායුතුයි නේද? ජනතාව ඔවුන් සම`ග නැත්තේ ඇයි?

මාක්ස්වාදය කියනනේ වට්ටෝරුවක් නෙමේ. ඒ ඒ රටට ගැලපෙන විදිහට මාක්ස්වාදය ගැලපිය යුතුයි. මාක්ස්වාදය ගැන මුලින්ම කතා කළ කොමිනියුස්ට් පක්‍ෂයට වඩා ජනතා විමුක්ති පෙරමුණ දක්‍ෂ වුණා ජනතාව තුළට යන්න. ඔවුන් උච්චාරණය කරන භාෂාව, ක‍්‍රියාත්මක වැඩපිළිවෙලවල් ජනතාවට සමීප වුණා. ඔවුන්ගේ පන්ති 5 තරුණයන් ආකර්ශනය කෙරුවා. ඒවා ජනතාවට දැනෙනවා. ලේවලට කාවදිනව. සම්ප‍්‍රදායික වාමාංශික පක්‍ෂ කෙරුවේ ඔවුනගේ දේශපාලන භාෂාවේ වචන සිංහලට පරිවර්තනය කරලා ජනතාවට අමන්ත‍්‍රණය කිරීම ‘ද්වන්දාත්මක භෞතික වාදය’ වැනි වචන භාවිතා කරපුවාම ජනතාවට තේරෙන්නේ නෑ. ඔවුන් සංවාදයකට ගන්න බැහැ. මාක්ස්වාදයේ ප‍්‍රාථමික අවදියේ සිටින, නොමේරූ, මාක්ස්වාදී අධ්‍යාපයනක් නැති පිරිසකට මෙම දර්ශනය පිළිබඳ ඔවුන් කියාදුන් ක‍්‍රමවේදය වැරදියි. ඉන්දියාවේ මාක්ස්වාදීන් අපිට වැඩිය හොඳට ක‍්‍රියාත්මක වුණා. කලාව, පොතපත, වැඩමුලූ තුළින් ඔවුන් ජනතාව අතරට ගියා. රුසියානු විප්ලවයටත් වියත් ලේඛකයන්ගේ නිර්මාණ බොහෝ සෙයින් බලපෑව. මේ ගොල්ල ජනතාවත් එක්ක ජීවත් වෙච්ච අය නෙමෙයි. ඔවුන් ඉහළ මධ්‍යම පන්තියෙ බුද්ධිමතුන්. ඔවුන්ටත් ව්‍යාපාර තිබුණා. ඔවුන් සේවකයන් දැක්කේ සහෝදරවරු විදිහට නෙමෙයි සේවකයන් විදිහට. ඔවුන්ට කම්කරු පන්තිය ගැන හැ`ගීමක් තිබුණේ නැහැ. ඔවුන්් දන්න විෂය රස්සාවක් කර ගත්තා. දොස්තරවරු ලෙඩ පරීක්‍ෂා කරල බෙහෙත් නියම කරනව වගේ මොවුන් වාමාංශික දර්ශනය ව්‍යාපාරයක්, රස්සාවක් කරගත්තා. ඔවුන්ට ජනතා රජයක් බිහිකිරීමේ උවමනාවක් තිබුණෙ නෑ. ජනතාව සම`ග සිට ජනතාවට තේරෙන බසින් ආමන්ත‍්‍රණය නොකිරීම වාමාංශික ව්‍යාපාරය ජනතාව අතරට නොයන්න එක හේතුවක්.

පසුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් පැරණි වම, ශ‍්‍රීලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, සම සමාජ පක්‍ෂය, වාසුගේ නව සම සමාජ පක්‍ෂය එකතු වෙන්නේ ¥ෂිත පාළකයෙක්, පැසිස්ට්වාදියෙක් උග‍්‍ර ජාතිවාදියෙක් ආදී වශයෙන් හ\ුන්වපු මහින්ද රාජපක්‍ෂ වටා. මොකක්ද එතනදී සිදුවෙන්නේ? ඔවුන් කරනනේ වමේ කාර්යභාරයද?

1977 න් පස්සේ වමේ ව්‍යාපාරය ලොකු පසුබෑමකට ලක්වුණා. තෝරාගැනීමට තිබුණ බොහෝ අවස්තා ඔවුන්ගෙන් මග ඇරී ගියා. කොමියුනිස්ට් පක්‍ෂයත්, සමසමාජ පක්‍ෂයත් තුළ පාක්‍ෂිකයන්ගේ සාමුහික එක`ගතාවයකින් නායකත්වයක් තිබුනේ නෑ. ඔවුන් කුමන්ත‍්‍රණකාරී විදිහට තමයි මධ්‍යමකාරක සභාව තෝරගන්නේ. යම් දැනුමක් තියන, කැපකිරීමක් කරන අත්දෑකීම් තියන අය නෙමෙයි ඔවුන් තෝරා ගන්නේ. ඔවුන්ට එහෙයියන් කියන පිරිසක් තමයි පක්‍ෂ සම්මේලනයට තෝරාගන්නේ. ඒක කොමියුනිස්ට් පක්‍ෂයේ වැඩි වශයෙන් සිද්ධවුණා. ඒ තුළින් තමයි ඔවුන් නායකත්වය තුළ වැජඹෙන්නේ.

පහුගිය වකවානුව තුළ වමේ නායකයන් පොදු ජනතාව සම`ග නෙමෙයි හිටියේ. ඔවුන් හිටියේ එක්ටැම්ගේක. ඔවුන් ජනතාවගේ වුවමනාවන්, සිතුම් පැතුම්වලින් ඈත්වෙලා එක්ටැම්ගේක තමයි හිටියේ. ඔවුන් ජනතාවගේ හදගැස්ම තේරුම් ගත්තේ නැහැ. දේශපාලන හිරකරුවන් බවට පත්වෙලා හිටියෙ. ඔවුන් මාක්ස්වාදීන් හැටියට පෙනීහිටියේ නෑ. ඔවුන් රජය ආරක්‍ෂා කරන පිරිසක් හැටියට තමයි පෙනී හිටියේ.

ඔවුන් මෙම මැතිවරණ දෙකේදි පමණක් නෙමයි දශක කිහිපයක් පුරාම හිටියේ ජනතාව සම`ග නෙමේ. ජනතාව සම`ග හිටියනම් 18 වැනි ව්‍යවස්ථාවට චන්දය දෙන්නෙ නෑ. ඔවුන් විධායක ජනාධිපති ක‍්‍රමය සහිත ව්‍යවස්ථාවට විරුද්ධව සටන් කෙරුවෙ නෑ. ඔවුන් එම ව්‍යවස්ථාව යටතේ පාළනය වෙන රජයන් තුළ සිටියා. චන්ද්‍රිකා, මහින්ද රජයන් සම`ග හිටිය. වාමාංශික පක්‍ෂයක් නියෝජනය නොකළත් ශ‍්‍රීමනී ඇතුලත්මුදලි මහත්මිය මෙම පනතට විරුද්ධ සටන් කෙරුවා, මේක වෙනස් කළයුතුයි කියල ඇය හඬක් නැ`ගුව. එයට විරුද්ධව ඇය ඇමතිකමත් දාලා ගියා. ඊනියා මාක්සිවාදී නායකයන්ට වඩා එතුමිය ප‍්‍රබල තීරණයක් ගත්තා.  එදා ඉඳලම මේ වාමාංශික නායකයො මේ විධායක ආණ්ඩු සම`ග හිටියා.

ඔවුන් එක්කෝ විධායක ක‍්‍රමයෙ බරපතලකම තේරුම් ගත්තෙ නෑ. එක්කෝ තෙරුම් ගත්තත් තමන්ට ලැබෙන ප‍්‍රතිපල, වරප‍්‍රසාද අහිමිවෙයි කියන බයට එම ධනපති පක්‍ෂවල උවමනාවන් තමයි ඉටු කෙරුවෙ. ඔවුන් ඉතාම පණ්ඩිතවාදී තර්ක දාලා තමන්ගේ පක්‍ෂිකයන් නම්ම ගත්තා. ඔවුන්ගේ තීන්දු තීරණ ගැන මධ්‍යම කාරක සභිකයන්ට හෝ පාක්‍ෂිකයන්ට තර්ක කිරීමේ අයිතියක් නෑ. පාර්ලිමේන්තුව නියෝජනය කරන නාකයයන්, පක්‍ෂ තීරණ බලහත්කාරයෙන් ලබාගෙන ධනපති රජයන්ගේ උවමනාවන් සඳහා පෙනී හිටියා. ඒකම තමයි පසුගිය මැතිවරණ දෙකේදිම කෙරුවෙ. ඒ විතරක් නෙමෙයි පක්‍ෂය සතු විශාලම දේපළක් වත්මන් නායකත්වය විනාශ කෙරුවා. දෝස්තර එස්.ඒ. වික‍්‍රමසිංහගේ විශාල ධනස්කන්ධයක් පක්‍ෂය වෙනුවෙන් පරිත්‍යාග කෙරුවා. අද ඒවා කෝ? රට පුරාම පක්‍ෂ කාර්යාල රැුසක් තිබුණා. අද ඒවා කෝ? මේ සේරම ඔවුන් විකුණගත්තා.

මේ තත්ත්වය මත පක්‍ෂයේ නිවැරැුදි දැක්මක් ඇති කණ්ඩායම නිහඬව ඉන්නවද? පක්‍ෂයේ බලය අල්ලා ගැනීමට නොහැකිද?

නායකයන් පාළකයට සමීප වෙන්න වෙන්න. ඔවුන්ගේ තේ කෝප්පයේ, කෝපි කෝප්පයේ රස බලන්න බලන්න. පාක්‍ෂිකයන්ගෙන් ඈත් වුණා. මේ වකවානුව වෙනවිට රාජපක්‍ෂ පාළනය අන්තිමට පිරිහිලා තිබුණේ. ¥ෂණය, භීෂණය, අල්ලස, කොමිස් ගැහිලි උපරිම වශයෙන් තිබුණා. විධායක බලතල තුළින් මේ සියල්ල යටපත් වුණා. මේ වෙලාවට තමයි වමේ පක්‍ෂ එක්සත්ව නිවැරදි දිසාවකට යාමට පෙළගැසිය යුතතේ. එසේ සිදුවුනේ නැහැ. පාක්‍ෂිකයන්ට මේ තත්ත්වය ඔරොත්තු දුන්නේ නෑ. පාක්‍ෂිකයන්ට එයට විරුද්ධ වෙන්න වුවමනා වුණා. මේ තත්ත්වය උඩ පක්‍ෂය දෙකට කැඩෙනවා පසුගිය මැතිවරණ සමයේදී.

මෙම කැඩි ගිය කණ්ඩයම් ගොනු වෙන්නේ කොතනටද? නව දේශපාලන පක්‍ෂයක් බිහිකිරීම අරමුණු කරගන්නවද?

මේ වනවිට රටේ තිබුණේ ¥ෂිත මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමේ දැඩි වුවමනාව. ඒකෙදි මාදුලාවේ සෝභිත හාමුදුරුවන් ප‍්‍රමුඛව මහින්ද පරාජය කිරීමට හැකි පොදු අපේක්‍ෂකයෙන් හොයන වෙලාව. එයට වමේ නායකයන් එකතුවිය යුතුව තිබුණත් එකතුවුනේ නෑ. අපි පක්‍ෂයෙන් එළියට ඇවිත් සාකච්ඡුා කරමින් සිටියා පවතින තත්ත්වයන් තුළ අපේ වගකීම ගැන. අපිට පක්‍ෂයේ පිරිස් එළියට ගන්න පුලූවන් වුණා. ඔවුන් එළියට එන්න පෙර මධ්‍යමකාරක සභාව තුළ සටන් කෙරුවා. ඔවුන්ගේ නිවැරදි ස්ථාවරය, අවබෝධය ඒකට හේතුවක් වුණා. ඔවුන් එළියට ආවා. ඊට පස්සේ වාමාංශික පක්‍ෂවලින් එළියට බැහැපු පිරිස් වමේ කේන්ද්‍රය වශයෙන් සංවිධාන ගත වුණා. එම සංවිධානය පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයාට වුදව් කෙරුවා. ඒ වගේම පොදු අපේක්‍ෂකයාට ජයග‍්‍රහණය කිරීමට පුලූවන් වුණා.

පක්‍ෂයෙන් එළියට එන්නේ නැතුව පක්‍ෂයේ බලය අල්ලා ගැනීමට හැකියාවක් තිබුනේ නැද්ද?.

මේ වමේ පක්‍ෂ දෙකේ නායකයෝ මෙම නායකත්වය ඔවුන්ගෙන් පිටට යන්න දෙන්නෙ නෑ. ලේකම් සහ මධ්‍යම කාරකසභිකයන් වැඩි පිරිසක් ඔවුන් සම`ග නිසා පක්‍ෂයක බලය ඇල්ලීම කළ නොහැකි දෙයක්. ඉන්දියාවෙ කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම්ට අවස්ථා දෙකක් පමණයි තනතුරේ ඉන්න පුළුවන්. ඉන්දියාන් කොමියුනිස්ට් පක්‍ෂයේ මෙන්ම ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයේ මාක්ස්වාදි පිළේත් තත්ත්වය එහෙමයි. එහෙත් ලංකාවේ එහෙම නෑ. ඔවුන් මේ සම්මජ්ජාතියේ පක්‍ෂයේ තනතුරු පිටට යන්න දෙන්නේ නෑ. අනික ඔවුන්ගේ වටිනාම සම්පත තමයි ජාතික ලැයිස්තුව. රාජා කොල්ලූරෙයි, ඩිව් ගුණසේකරයි. මේකෙ මාරුවෙන් මරුවට තනතුරු ලබා ගන්නවා. නායකයො වෙනවා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යනවා. මේ ගොල්ලන්ට ලැබෙන කාර්ය මණ්ඩලය තමයි මධ්‍යම කාරක සභාව හැටියට පත්කර ගන්නෙ. මොවුන් මහදැනමුත්තගෙ ගෝලයො වගේ. මහදැනමුත්තගෙ පොතේ නැති දෙයක් ගෝලයො කරන්නෙ නෑ වගේ, නායකයන්ගේ කීමට පිටින් දෙයක් ඔවුන් කරන්නෙ නැ. ඔවුන්ට පක්‍ෂවලට හෙණ ගහලා තියත් ගමක් නෑ.

අනිත් අතින් ඔවුන්ට විරුද්ධව කතාකරන පිරිසට විනය පරීක්‍ෂණ තබා පක්‍ෂයෙන් අයින් කරනවා. මමත් එසේ අසාධාරණ ලෙස පක්‍ෂයෙන් අයින් කරපු කෙනෙක්. මම තරුණ සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් වෙලා හිටියා. කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යමකාරක සභාවේ හිටියා. අනුරාධපුර දිස්ත‍්‍රික් සංවිධානයේ ලේකම්වෙලා හිටියා. පක්‍ෂයේ ප‍්‍රතිගාමි කටයුතුවලට විරුද්ධ වීම නිසා තමයි මාව අයින් කෙරුවෙ.
1985 සහ 1989 වර්ෂවල ජගත් තරුණ සම්මේලනය නියෝජනය කරපු කණ්ඩායම් නායකයා මම. 1985 නියෝජනය කරපු කණ්ඩායමේ රනිල් වික‍්‍රමසිංහ, විජය කුමාරතුංග යන දෙන්නත් හිටියා. ඒ සමුළුව  කොමියුනිස්ට් පක්‍ෂයෙන් පමණක් නෙමයි, සියලූම පක්‍ෂ වලින් තෝරාගන්නා කණ්ඩායමක් තමයි නියෝජනය කරන්නෙ. දැන් එම ජාත්‍යන්තර සමුළුව නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට.

වමේ කේන්ද්‍රය දැනට දේශපාලන පක්‍ෂයක් වශයෙන් පිහිටුවාගෙන තිබෙනවාද? එය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචිවෙලා තියනවාද?

සමසමාජ පක්‍ෂයෙන් කඩාගෙන ආව පිරිසක් තමයි මෙය පිහිටුවීමට පෙරමුණ ගන්නේ. එහි සම්මේලනයක් තිබ්බා. මධ්‍යම කාරක සභාවක් තෝරගෙන තියනවා. එහිනායකත්වය හොබවන්නේ ජයම්පති වික‍්‍රමරත්න සහෝදරයා. ඔහු විශාල කාර්යභාරයක් කරන බුද්ධිමතෙක්. ඔහුගේ නායකත්වයෙන් වමේ කේන්ද්‍රය පුළුල් සංවිධානයක් ලෙස ඉදිරියේදී  ගොඩනැගීමටයි බලාපොරොත්තුව.

වමේ කේන්ද්‍රය ඇතුළු සංවිධාන රාශියක් හා බහුතර ජනතාව දැඩි බලාපොරොත්තු සහගතව පත්කරගත් ජනාධිපතිවරයාත්, එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවත් ජනතා සිතුම් පැතුම් අනුව කටයුතු කරයි  විශ්වාසයක් තැබිය හැකිද?

ඒක ඓතිහාසික පෙරළියක්. සතුරා බලාපොරොත්තු නොවූ තත්ත්වයක්. බහුතරයක් කල්පනා කරන්නෙ අද තිබුණු රජය පෙරළා දැම්මා හෙට නව රජය ජනතා බලාපොරොත්තු ඉටු කළ යුතුයි කියා. අපි තරුණ අවදියෙත් එහෙම කල්පනා කෙරුවා. නමුත් අත්දැකීම්, දැනුම මුහුකුරාගිය පසු එය ප‍්‍රයෝගික නොවන බව තේරුණා. රජය පියවරෙන් පියවර ¥ෂිතයන්ට දඬුවම්දීම, ජාතික සමගිය ගොඩනැගීම, ජනතා ප‍්‍රශ්න විසඳීම, රට සීඝ‍්‍ර සංවර්ධනයක් කරා ගෙනයාම කරන බව විශ්වාසයි.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *