ගොටාභයට සිංගප්පුරුවේදී විවෘත හදවත් සැත්කමක්

වෛද්‍ය ප්‍රතිකාර සදහා සිංගප්පුරුව බලා ගිය ගොටාභය රාජපක්ස මහතාට එහිදී විවෘත හදවත් සැත්කමක් සිදුකොට ඇති බව වාර්තා වෙයි . සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී කළ මෙම සැත්කමෙන් පසුව ඒ මහතා සුවය ලබමින් සිටින බව කියති . මේ වනවිට ඒ මහතා දැඩි සත්කාර ඒකකයෙන් ඉවත්කොට  සාමාන්‍ය කාමරයකට යොමුකොට ඇත. ඒ මහතාට මේ වනවිට භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාදෙන බවත් සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් දැනගන්නට ඇත .

කෙසේ වෙතත් ගොටාභය රාජපක්ෂ මහතාට තව මාසයක් පමණ සිංගප්පුරුවේ රැදී සිටිමින් වෛද්‍ය පරීක්ෂාවන්ට ලක්වීමට හා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇතැයි කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *