රාජ්‍ය ඇමතිකම් එපා ! නීතිය හා සාමය පිලිබඳ කැබිනට් ඇමති ධුරය දෙන්න – එජාපය ජනපතිට දන්වයි

රාජ්‍ය ඇමතිකම් භාරගැනීමට තමන් සුදානම් නැති බවත් තමන්ට අවශ්‍ය වන්නේ නීතිය හා සාමය පිලිබඳ කැබිනට් ඇමති ධුරය බවත් එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දී ඇත . නීතිය හා සාමය පිලිබඳ රාජ්‍ය ඇමති ධුරය එජාපයට ලබාදිය හැකි බවට ජනාධිපතිවරයා කළ දැනුම්දීමට ප්‍රතිචාර ලෙස එජාපය මෙම දැනුම් දීම කර ඇත .

නීතිය හා සාමය පිලිබඳ කැබිනට් ඇමති දුරයේ බලතල ජනාධිපති අත තිබියදී රාජ්‍ය ඇමති තනතුර භාරගැනීමේ තේරුමක් නැති බව එක්සත් ජාතික පක්ෂ ස්ථාවරය වී ඇත . කැබිනට් ඇමති ධුරය එජාපයට තිබියදී පවා එම වැඩ කටයුතු වලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බරපතළ ලෙස බලපෑම් කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *