ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ධුරයෙන් ඉවත්කළ බව ජනපති පොලිස් ප්‍රධානීන්ට කියයි.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි  ලබා දුන් සිසිර මෙන්ඩිස් මහතා  එම තනතුරෙන් ඉවත් කල  බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ ජයෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවූ අවස්ථාවකදීයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ තෙරිම් කාරක සභාව ඉදිරියෙදී බුද්ධි නිලධාරින් ගෙන්වා ප්‍රශ්න කිරීමට තමන් තරයේ විරුද්ධ බවයි.

ඊයේ රාත්‍රීයේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබු අතර අප්‍රේල් 21 වන දා සිදුවීමට අදාළ නඩු 05ක් මේ වන විට ශ්‍රේෂ්ඨාකරණයේ විභාගයට ගැනෙමින් පවතින බවත් ,  එවන් අවස්ථාවක තේරීම් කාරක සභාවත් පත්කර කටයුතු කිරීම, එම ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට අහිතකර තත්ත්වයක් බව නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දන්වා තිබෙන බවත්, ජනාධිපතිවරයා ලෙස තමා එය කථානායකවරයාට ඉදිරිපත් කර නමුත් , කථානායකවරයා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම පිළිබඳ තමා කණගාටුවන බව ද ජනාධිපතිවරයා  පවසා ඇත.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සහ කතානායකවරයා මෙවැනි පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරමින් සිදු කරන ක්‍රියාවන් හෙතුවෙන් තමට අහිතකර බලපෑම් ඇති වන  බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *