රනිල්, සජිත් ,කරු , තිදෙනාගෙන් කෙනෙක් ජනාධිපති අපේක්ෂක ; අනෙක් දෙදෙනා අගමැති හා කතානායක – එජාප ප්‍රචාරක අංශ ප්‍රධානි හේෂා විතානගේ

එජාප නායක රනිල් වික්‍රමසිංහ ,නියෝජ්‍ය නායක  සජිත් ප්‍රේමදාස ,කතානායක කරු ජයසුරිය  , යන  තිදෙනාගෙන් කෙනෙක් එජාපයේ  ජනාධිපති අපේක්ෂක වන බවත් , අනෙක් දෙදෙනා අගමැති හා කතානායක වනු ඇති බවත්  එජාප ප්‍රචාරක අංශ ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී  හේෂා විතානගේ මහතා ඊයේ ප්‍රකාශ කළේය . පක්ෂයෙන් පිටස්තර කිසිදු අපේක්ෂකයකුට පක්ෂයේ සහය නොලැබෙන බවත් පොදු අපේක්ෂකයකු වෙනවනම් මේ තිදෙනාගෙන් කෙනකු වියයුතු බවත් ඒ මහතා පැවසීය .

මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තම පක්ෂයේ අපේක්ෂකයා තේරීමට ජනාධිපතිවරයාට අයිතියක් නැති බවයි .

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති වීමට ශ්‍රීලනිප සහය දී මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති  තනතුරට පත්වීමේ අදහසක් ගැන පසුගිය දිනවල දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබිණි . ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක , මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න ඇතුළු පිරිසක් මෙම සැලසුම පිටුපස සිටින බව කියති .

හේෂා විතානගේ මහතා කියන්නේ ජනාධිපති, අගමැති , කතානායක තනතුරු තුන තම පක්ෂ නායකයන් තිදෙනාට හිමිවනු ඇති බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *