260කට මරු කැදවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුව අගමැති කැදවූ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී නොවන ලෙස ජනාධිපති ආරක්ෂක ලේකම්ට උපදෙස් දීලා

පාස්කු ඉරිදා 260කට මරු කැදවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුව හදිසියේ ගතයුතු පියවර සාකච්චා කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැදවූ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී නොවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට උපදෙස් දුන් බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සක්ෂිදෙමින් ඊයේ ප්‍රකාශ කළේය . අගමැති , ආරක්ෂක රාජ්‍ය ඇමති , පොලිස්පති යන තිදෙනා ආරක්ෂක මණ්ඩලයට නොකැදවන ලෙස ජනාධිපතිවරයා තමන්ට උපදෙස් දී තිබු බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා කිවේය .

ආරක්ෂක ඇමතිවරයා සතියකට වරක්වත් හමු වීමට අවස්ථාව නොලත් තමා අසරණ ආරක්ෂක ලේකම්වරයකුව සිටි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *