මීලග ජනාධිපතිත් පොහොට්ටුවෙන්.. අගමැතිත් පොහොට්ටුවෙන්.. ජාතික ආණ්ඩු අටවාගෙන රට කෑ ශ‍්‍රීලනිපය ඔ්න කුදයක් ගහගනිවු..- පොහොට්ටුවෙන් දරුණු ප‍්‍රතිචාර

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු නම් කරන බවත් ඔහු ජනාධිපතිවරයා ලෙස පත් වුනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.එමෙන්ම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්වනු ඇති ඔහු කියා සිටියේය.

අද රටේ බහුතර බලය ඇත්තේ පොහොට්ටුවට බවත් ජාතික ආණ්ඩුව අටවාගෙන වසර තුනක් තිස්සේ රට කා දැමූ පිරිස සමග එකතු වීමට කිසිසේත්ම උවමනාවක් නැති බවත් ඔහු පැවසීය.

මීලග ජනාධිපතිවරණය අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතාටත් ලබාදිය යුතු බවට ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට ප‍්‍රතිචාර ලෙස ඔහු මේ බව පැවසීය.

lankacnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *