භික්ෂුන් වහන්සේලා වෛරී සහගත ප්‍රකාශ කරමින් මේ ප්‍රශ්නය තවත් අවුස්සනවා – රවුෆ් හකීම් ජාත්‍යන්තර මාධ්‍ය වෙත කියයි

ආණ්ඩුව නියෝජනය කරන සියලුම මුස්ලිම් ඇමතිවරුන් එම තනතුරු වලින් ඉල්ලා අස්වීම නිසා මේ වන විට සමාජය තුළ විශාල කතා බහක් නිර්මාණය වී ඇති බව පෙනෙන්නට තිබේ.එවැනි පසුබිමක් යටතේ ඇතැම් භික්ෂූන් වහන්සේ වෛරී ප‍්‍රකාශ සිදු කළද ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගන්නා බව ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් ප්‍රකාශ කර සිටී.

ඒ ඕස්ටේ‍්‍රලියාවේ ABC රේඩියෝවට ප‍්‍රකාශයක් ලබා දෙමිනි.මන්තී‍්‍රවරයා එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ වෛරී ප‍්‍රකාශ මෙන්ම වෛරී කි‍්‍රයා පාලනයට ද ආණ්ඩුව හෝ ආරක්ෂක අංශ කටයුතු නොකළ බවයි. වෛරී ප‍්‍රකාශ සිදුකරන භික්ෂූන් වහන්සේ අතර මෑතකදී ජනාධිපති සමාව ලබා නිදහස් වූ හිමි නමක් ද සිටින බවත්, රටේ තැන තැන ගොස් විවිධ ප‍්‍රකාශ සිදු කරන බවත් රවුෆ් හකීම් මන්තී‍්‍රවරයා මෙහිදී ප‍්‍රකාශ කර තිබේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු විවිධ පිරිස් සිදුකළ කි‍්‍රයා හේතුවෙන් තමන් බලයට පත්කළ මුස්ලිම් ජනතාව පීඩාවට පත් වූ බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දී ඇත්තේ. තමන් ආණ්ඩුවේ සිටියද තම ජනතාව රැක ගැනීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් ඕස්ටේ‍්‍රලියාවේ ABC රේඩියෝවට අදහස් දක්වමින් ප‍්‍රකාශ කර තිබේ.

මේ වනවිට මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාර මෙන්ම ජනජීවිතය ද අඩාල වී ඇති බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ්. තමන් ඇතුළු පිරිස ආණ්ඩුවේ දැරූ ධූරවලින් ඉල්ලා අස්වූයේ “අපගේ සහෘදයින් වෙනුවෙන්” බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් ප්‍රකාශ කර සිටී.

වෛරී ප‍්‍රකාශ, වර්ගවාදී කටයුතු, වෛරී කි‍්‍රයා පාලනය කිරීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නා බව ඔහු මෙහිදි අවධාරණය කර ඇත.

රවුෆ් හකීම් මන්තී‍්‍රවරයා සිදුකළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන මහතා අදහස් දක්වමින් සදහන් කළේ “කවුරු හෝ පුද්ගලයෙක් වෛරී ප්‍රකාශ සිදු කරනවා නම් ඒකෙදි ජාතිය ආගම ගැන බලන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. රවුෆ් හකීම් මැතිතුමා මම දැකලා නෑ වැරදි ප්‍රකාශ සිදු කරනවා. එතුමා බුද්ධිමත් දේශපාලනඥයෙක්. කොහොම වුණත් ආගමික හෝ ජාති විදිහට බෙදිලා ඒ ගැන කල්පනා කරන්නට ඕනේ නෑ කියලා තමයි මට හිතෙන්නේ.” යනුවෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *