කාන්තා අයිතීන් ව්‍යවස්ථාවෙන් සහතික විය යුතුයි – කුමුදිණි සැමුවෙල් –

කුමුදුනි සැමුවෙල් මේ සාකච්ඡුාව තුළ මම කරුණු දෙකක් ගැන පමණක්  සාකච්ඡුා කරන්නට කැමැත්තෙමි. පළමු වැන්න කාන්තාවන්ගේ අයිතීන් වන අතර දෙවැන්න ජාතීන්ගේ අයිතින් එයට ඇතුළත් ය. ස්වෛරීත්වය පෙරටදමා 72, නිර්මාණය කළ  පළවෙනි ජනරජ ව්‍යවස්ථාව මෙන්ම 78 නිර්මාණය දෙවන ජනරජ ව්‍යවස්ථාව ද උක්ත ප‍්‍රශ්න දෙක ආමන්ත‍්‍රණය කලේ නැත.

අපේ ව්‍යවස්ථාවේ අද තියෙනවා 21/1 සහ 12/2 සෑම පුද්ගලයෙකුම සමානයි කියලා. ඒ වගන්ති  තිබිය යුතු නමුත්  වෙනස් කොට සැළකීමෙන් තොරව  ජීවතිවීමේ අයිතියත්  තියෙන්නට අවශ්‍ය ය. සමානත්මතාවය පමණක් ම නොවේ අප ඉල්ලන්නේ සමානත්මතාවයේ අර්ථ කථනය හරයාත්මක සමානත්මතාවය  හැටියට විය යුතු බව ය.     ක‍්‍රියාවෙනුත්, ප‍්‍රතිපත්තිවලිනුත්,  ඒ සමානත්මතාවය තියෙන්න  ඕනේ කියන එකයි එහි අදහස. බහු වාර්ගික සමාජයක, බහුතරයේ ආගම සහ භාෂාවට රාජ්‍ය විශේෂ සැළකිල්ලක් දක්වන්නේ නම් සමාන පුරවැසියන් යන්න ප‍්‍රලාපයක් වන්නේ ය. හරයාත්මක සමානතාවයක් සහතික කරන්නට නම් ආගම රාජ්‍යයෙන් ඉවත් කළ යුතු අතර  සමානත්මතාවය රැුකෙන භාෂා ප‍්‍රතිපත්තියක් රාජ්‍යයකට තිබිය යුතු ය.

කාන්තාව හා මහින්ද චින්තනය

මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ   ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිවීමෙන් සියලූ දෙනාම පීඩාවට පත් වූ අතර ම  සමහරක් ප‍්‍රතිවිපාක  සුවිශේෂිව කාන්තාව  අත් විදින්නේය.     පසුගිය වසර 10 තුළ, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ  පාලනය තුළ,  මහින්ද චින්තනය හරහා  ක‍්‍රියාත්මක වූයේ පවුල  කේන්ද්‍රකරගත්   සංවර්ධන ප‍්‍රතිපත්තියකි. විශේෂයෙන්ම කාන්තාවන් හා සම්බන්ධ ප‍්‍රතිපත්ති  සැළසුනේ ම පවුල මුල්කරගෙන ය.  පවුල තුළ කාන්තාවන්ට තිබෙන  අඩු සැළකීම,  මානව හිමිකම් උල්ලංඝනයවීම,  පවුල් සම්බන්ධයෙන් තිබෙන සමහර නීති,  මේ හැමදේම ඒක තුළ ගැබ් වේ.  විශේෂයෙන්ම කාන්තා අමාත්‍යාංශයෙන් ඒක මත තමයි ප‍්‍රතිපත්ති තීරණය වූයේ.

ඊ ළඟට අයවැයෙන් වෙන්වෙන මුදලත්, වෙන්වුනේ කාන්තා අයිතිවාසිකම්  ආරක්ෂා කිරීමට නොවේ.  උදාහරණයක් ලෙස ස්ත‍්‍රි ¥ෂණ පිළිබඳ ප‍්‍රශ්න මතුවෙන විට  අනිවාර්යයෙන්ම කාන්තාවන්ගේ පැත්තෙන් තමයි මොකද්ද මේකට හේතුව කියන  සෙවීම කෙරුනේ. උදාහරණයක් ලෙස ඒ සිද්ධිය වෙන අවස්ථාවේ   කාන්තාව අහවල් තැන හිටියේ ඇයි?  ඇයි ?ට පාරේ ගියේ ?  ඇයි අහවල් විදියට ඇඳුම් ඇන්ඳේ යනාදි ලෙස ය.

දැන් පාර්ලිමේන්තු විවාද දිහා බලන විට  දිගටම  එහෙමයි ඒ ප‍්‍රශ්නවලට යොමුවෙන්නේ.  ඊ ළඟට  පිළියම එහෙනම් ?ට  අහවල් වෙලාවට පස්සේ කාන්තාවන්  නිවෙසින් පිට යන්නට එපා.  විශේෂයෙන් කාන්තාවන් දරුවන්ව බලාගන්න  ඕනේ.  ආරක්ෂා කරගන්න  ඕනේ.  ඒ නිසාම  වසර පහෙන් පහළ ළමයින් ඉන්න අම්මලා  මැදපෙරදිග යන්න එපා කියන නියෝගය එනවා.  ඒකත් එන්නේ මහින්ද චින්තනය තුළින්.  මේ ආණ්ඩුවත් ඒක ඉස්සරහට ගෙනියනවා කියන එක තමයි  අපිට පෙනෙන්නේ.  ඒ අනුව කාන්තාවකට  රැුකියාවක් කිරිමට තියෙන අයිතිවාසිකම හැටියට නොවෙයි ඒ ප‍්‍රශ්නය ඔවුන් ගන්නේ.  කාන්තාවගේ වගකීම පවුල රැුකබලා ගැනීම වන නිසා කාන්තාවන් පවුලට දැන්  සීමා විය යුතු ය.  මෙතනදි පිරිමියාගේ තියෙන සම  වගකිම, පියෙක් හැටියට  තියෙන වගකිම ගැන මෙතන සාකච්ඡුා වෙන්නේ නැහැ.  ඔය පදනමෙන් තමයි ඔවුන් කථා කරන්නේ.

මේ ආකාරයට වෙනස්කොට සැළකීමේ පරණ නීති  ගණනාවක් කාන්තාවන්ට අදාළව තිබේ.  පවුල සම්බන්ධ නීති හා උරුමය සම්බන්ධ නීති උදාහරණයට ගතහැක.   රජයේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් ද කාන්තාවන්ට අහිතකර නීති ඇත.  ඊ ළඟට අයාලේ යෑමේ පනත . ඒක සුද්දන්ගේ කාලයේ 1800 ගණන්වල  ගෙනාව නීතියකි.  අද ඒ නීති එකක්වත් එංගලන්තයේ නැති නමුත් අපේ ලංකාවේ තවමත් තිබේ.  ඒ නීති යටතේ උදාහරණයක්  සමලිංගික,  සංක‍්‍රාන්තික ලිංගික  වගේ කට්ටියට එරෙහිව සහ ලිංගික සේවයට අයත් කාන්තාවෝ අත්අඩංගුවට ගැනෙති.  පාරේ ?ට ගමන්කළත්,  සාමාන්‍ය නීතිය යටතේ ඉතාමත්ම අයුක්ති සහගත ලෙස  මේ අය අත්අඩංගුවට ගැනෙති. නැත්නම් ඒ අයව  පොලිසි වලින් ගෙනගොස්  අයුතු විදියට භාවිතා කරති.  එවැනි නීති අපේ නීති පොතේ තිබිය යුතු නැත.  සමලිංගිකත්වය සම්බන්ධයෙන් තියෙන නීතිය අයින් කළයුතු වේ. අපගේ ව්‍යවස්ථාවේ මේ පරණ නීති විමසා එය අවලංගු කිරීමේ විධිවිධාන නැත. නව ව්‍යවසථාවක් නිර්මාණය කිරීමේ දි එවැනි වගන්තියක් ඇතුලත් කළ යුතුව ඇත.

ජාතික ගැටළුව

ද්‍රවිඩ ජනතාව මෙවර ඡුන්දය දී තිබෙන්නේ බෙදුම්වාදි ස්ථාවරයක සිට නොවේ.  පැහැදිළිව ම අද, ම්‍යස්ථ ස්ථාවරයක සිට ඉදිරියට යන්නට පුළුවන් කියන  අධිෂ්ඨානය ඒ අය පෙන්වා තිබේ.

බෙදුම්වාදිදීන්ට උතුරේ සිදුවූයේ මෙහෙ බොදුබල සේනාවට සිදු වූ ඇබැද්දිය ම ය. දකුණේ කවුරුත්  බොදුබල සේනාව  දේශපාලනයට ගෙනෙන්නට   ඕනේ කියන පදනමකින් ඒ අයට ඡුන්දයක් දුන්නේ නැත. 30 වසරක යුද්ධයකින් පසු   උතුරින් අපිට දෙන  පණිවිඩයට  දකුණේ අප නොබියව ප‍්‍රතිචාරයක් දීම අවශ්‍යය ය. එගොල්ල නැවතත් යුද්ධය කරලා  වෙනම රාජ්‍යයක් හදන්නට නොවෙයි මේ යන්නේ,   එක්සත්  ශ‍්‍රි ලංකාවක් තුළ ජීවත්වීමට ඇති උවමනාව මතයි  මේ ඡුන්දයට ඒ අය එන්නේ.

ජනවාරි 8වෙනිදා ජයග‍්‍රහණය, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේත්, මුස්ලිම් ජනතාවගෙත්  ඡුන්දය නැතිව  අපිට ලබාගන්නට හැකි වන්නේ නැත.  ඒක ගැනත් අපි  කල්පනා කරන්නට අවශ්‍ය ය.  බහුතරයක් වන සිංහළ  පිරිසක් හැටියට මේ රටේ සුභසාධනය ගැන බලනවා නම්  ඒ ප‍්‍රශ්නය ගැනත් අප බැලිය යුතු ය. ඒක විශේෂයෙන්ම මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වගකීමකි.

72 ව්‍යවස්ථාව, ඇත්තටම  එක පැත්තකින් ඉතාමත්ම  කණගාටුවට පත්විය යුතු ව්‍යවස්ථාවක. විශේෂයෙන්ම එම ව්‍යවස්ථාව නිර්මාණය වූයේ වාමාංශිකයින්ගේ ද සහාය ඇතිව ය.  මේ රටේ  මූලික ප‍්‍රශ්න කිහිපයක් ඇතිවෙන්නෙත් ඒ න්‍යවස්ථාව නිසා ය.  ඔය ස්වෛරී භාවය කියන දේ,  බුද්ධගමට මුල්තැනදීම කියන දේ . ඒකීීීීීීය රාජ්‍යයක් යනාදි වශයෙන් යන සංකල්ප සියල්ල ඇතුලත් කරන්නේ  72 ව්‍යවස්ථාවෙන්. අවුරුදු 30ක යුද්ධයකටත්, ව්‍යසනයකටත්  පසුව දැන් අපිට අද ධෛර්යයක්  තියෙනවාද ඒකෙන් ඔබ්බට යන්නට. ඒ වසර 30 යුද්ධය උතුරු නැගෙනහිරට පමණක් නොව බලපාන්නේ.   89- 90  දකුණේ, ඒ ජනතා විමුක්ති පෙරමුණේ නැගිටීම හා ආණ්ඩුවෙන්  එයට දැක්වූ ප‍්‍රතිචාරය තුළ ඇතිවන භිෂණයත්, ඒ හරහා  60,000ක් පමණ  අතුරුදහන් වු බවට වාර්තා ඇත.  එවිට  දකුණත්,  උතුරේ ප‍්‍රශ්නයේ විපාක සෘජුවම අත්වින්ද බව ඉතා හොදින් පැහැදිළි ය.  ඒ අනුව දකුණේ අපිටත් වගකීමක් තිබෙනවා වගේම, ඒ අුය වෙනුවෙනුත් අපිට වගකීමක් තියෙනවා මේකට නිශ්චිත  ස්ථිර දේශපාලන විසඳුමක් දෙන්නට. එවිට   ඒ දේශපාලන විසඳුම  හරි ආකාරව නිර්මාණය කරන්නට අපිට වගකීමක් තිබේ.  ඒ නිසා අපිට කියන්න බෑ 13 විතරක් ඇති,  එයිට එහාට යන්නට බෑ යනාදි වශයෙන්.

ඊ ළගට ඒ බලය බෙදීම හා විමධ්‍යගත කිරීම උතුරට පමණක් නොවෙයි දකුණටත් අදාළ ය. බදුල්ලේ සිට  කොළඹට ගමන් බලපත‍්‍රයක් ගැනීමට පැමිණිමට අවශ්‍ය වන්නේ විමධ්‍යගත කිරීම බදුල්ලටත් අදාළ වන නිසා ය.  අපි මේ ප‍්‍රශ්නයට  පිවිසෙන්නේ කොහොමද කියන එක  ඉතාම වැදගත් ය.  අර  පරණ  තාලයේ මත සමග නොයා වෙන රාමුවකින්  අද ඒක දිහා බලන්නට අවශ්‍ය ය.  මක්නිසාද යත්  අද අමුතු දෙයක් සිදුවේ.

මඩකලපුවේ පාරවල් එදා තිබුණේ පටුවට. මුරකපොලූ හරහා  අපි ආ ගිය හැටි මතක ය.  අද මඩකලපුවේ සිටින අවුරුදු 15ක  16ක දෙමළ  ලමයෙකුට කථා කළහොත්  ඒ අයට ඒක ඒ තරම් මතක නැත.  මේ අවුරුද් දෙක තුණේ ඒ අයට මතක  අර පළල් කළ පාරවල් සහ  ගොඩනැගිළි පමණි. ඒ අයට පවා ඒ අයගේ ඉතිහාසය  අද මතක නැත.  අනික් අතට දකුණේ පාලකයින් කියන්නේම රාජ්‍යයක් තිබෙන බව ය. ඊ ළගට මතුවට එන පරම්පරාවට මේක ආරක්ෂා කළ යුතු බවයි මොවුන් පවසන්නේ. මේ රාජ්‍ය  ආරක්ෂා කරගන්නට කියන ඒ බණ උතුරු නැගෙනහිර ජීවත්වන තරුණයින්ට අදාළම නැත.  ඒ අයට  ඕනේ  සංවර්ධනයත් සමග  ඉස්සරහාට යන්නට ය.  අපි ඒකට ප‍්‍රජාතන්ත‍්‍රවාදි  මූල ධර්මයන් එකතු කරන්නේ කොහොම ද කියන එක සහ එයට ඇතුල්වන්නේ කෙසේ ද කියන එකට පිළිතුරක් ලබාදිය යුතු ය. දැන් 13වෙනි සංශෝධනය  ගෙනාවේ ද ඒ අරමුණ ඇතිව ය. අද ඒකට යම්කිසි පිළිගැනීමක්  තිබේ.  ඒක සාක්ෂාත් කරගැනීමට නම් නව ව්‍යවස්ථාව ඒ අනුව ව්‍යවහගත කළ යුතුව ඇත.

සාකච්චා කළේ   – මහින්ද රත්නායක 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *