තැම්පතුවලට බැංකුවලින් පොලි ගෙවනවා වෙනුවට බැංකුවලට ගෙවන්න වෙලා !

ලොව පුරා දැන් පවතින මන්දගාමී ආර්ථික වර්ධනය නිසා බොහෝ රටවල බැංකු පොලිය අඩුවී ඇතැම් රටවල බැංකු තැන්පතු සදහා තැම්පතු හිමියන් බැංකු වලට පොලි ගෙවන තත්ත්වයක් උද්ගතව ඇති බව හෙළිදරවු වෙයි . මේ වනවිට ඩෙන්මාර්කය ,ස්විට්සර්ලන්තය හා ස්වීඩෙනය ආදී රටවල මෙම තත්ත්වය දක්නට ඇති බවත් ළගදීම ඇමෙරිකා එක්සත් ජනපදයේද එම තත්ත්වය වර්ධනය විය හැකි බවත් කියති .

ස්වීඩෙනයේ රික්ස්බන්ක්හි තැන්පතු සදහා සියයට 0.35ක් පොලි වසයෙන් බැංකුවට ගෙවිය යුතුය. ඩෙන්මාර්ක් මධ්‍යම  බැංකුවේ එම පොලි ප්‍රතිශතය සියයට 0.75කි .

එක්සත් ජනපද ආණ්ඩුව 2008 සිට කළ භාණ්ඩා ගාර බිල්පත් නිකුත්කිරීම් 46ක දී ම පොලී  අනුපාතය වී ඇත්තේ සියයට බින්දුවකි . එනම් ඒ සදහා මුදල් ආයෝජනය කරන්නේ පොලි නැතිවය .

මෙය කිසිදාක සිදුවිය නොහැකි යැයි ආර්ථික විද්‍යාඥයන් සිතා සිටි බව කියති .එසේ වුවද එම තත්ත්වය ඇතිවී තිබෙන්නේ ලොව පුරා පවතින අවධමන තත්ත්වය හේතුවෙනි . මහජනයා තම ඉතුරුම් කිසිදු ආයෝජනයක් සදහා නොයොදා තබාගැනීමට මෙම තත්ත්වය හේතුවන අතර මුදල් සුරක්ෂිත කීරීම සදහා බැංකුවලට ගෙවන තත්ත්වයක් වර්ධනය වී ඇත .

මහජනයාගේ ඉතුරුම් ආයෝජනයට යෙදවීම සදහා පොලි අඩුකිරීමට ආණ්ඩු කටයුතු කළද මෙයින් පෙනීගොස් ඇත්තේ එම උපක්‍රමයද සාර්ථක වී නැති බවයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *