|

පාස්කු ප්‍රහාරයෙන් පසුව හෝටල් ක්ෂේත්‍රයට තව ඩොලර් මිලියන 4.5ක අයෝජනයක්

පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරක ක්ෂේත්‍රයේ පසුබෑමක් පිළිබඳ අනාවැකි බොරු කරමින් ඩොලර් මිලියන 4.5ක ආයෝජනයක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදුවිය. මෙම ගිවිසුම අත්සන් තැබුණේ ලංකා ආයෝජන මණ්ඩලය හා සුන්දරා පුද්ගලික සමාගම අතරය. මෙම සමාගම මීට පෙර පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ හෝටල් තුනක් සඳහා ඩොලර් මිලියන 35-40ක මුදලක් ආයෝජනය කර ඇත.

කොග්ගල වත්ත නමින් හඳුන්වන බුටික් හෝටලයක් සඳහා මෙම ආයෝජනය ලැබී ඇත . පිහිනුම් තටාක ඇතුළු සුඛෝපබෝගී පහසුකම් වලින් යුත් බුටිතක් 14කින් නව හෝටලය සමන් විත වෙයි. සුන්දරා සමාගමේ සමාරම්භක ඩෙල් රෙනී  කියන්නේ තමන් ආයෝජනය කරන්නේ වසර 05ක 10ක කාලයක් ඉදිරියට බලාගෙන බවයි.

ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය, සිංගපූරුව, ජර්මනිය , හොන්කොන්  හා සුවිස්ටර්ලන්තයෙන් මෙම හෝටලය සදහා  සමාගමට ආයෝජන ලැබෙන බව  කියති.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *