දින 56යේ ආණ්ඩුවට එක්වූවානම් රිෂාඩ්ට එරෙහිව චෝදනා එල්ල කරන්නේ නෑ – අමාත්‍ය පලනි දිගම්බරන්

දින 56යේ ආණ්ඩුවට එක්වූවානම් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල නොවන බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතා පවසයි.

කෙසේ වෙතත් ඔහු වරදක් කර ඇත්නම් දඬුවම් ලබාදිය යුතු බව නුවරඑළියේ ඊයේ (01) පැවති ජනහමුවක් අතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

විධිමත් පරීක්ෂණයක් පවත්වා රිෂාඩ් ඇමතිවරයා වැරදිකරුවෙකු වේනම් ඒ සඳහා දඬුවම් දිය යුතු බවත් එසේ නොමැතිව ඔහුට බොරු දෝෂාරෝපණ එල්ල කිරීම සිදු නොකළ යුතු බවත් ඒ මහතා පවසා සිටියි.

ත්‍රස්තවාදයට උපකාර කරන පුද්ගලයන්ට උපරිම දඬුවම් ලබා දිය යුතු අතර ත්‍රස්ත ප්‍රහාරයේ වැරදිකරුවා කවුරුන්දැයි එකිනෙකාට වරද යොමු කිරීම හාස්‍යයට කරුණක් බවත් වරද පිළිගෙන රටේ නායකයින් ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් පලනි දිගම්බරන් මහතා කියා සිටියේය.

 

ada derana

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *