චන්න – උපුලි නම් විකුණා ලක්ෂ අසූවකට විදලා !

2010 නොවැම්බර් 18 ද පැවති හම්බන්තොට වරයා විවෘත කිරීමේ උළලේ දී ඉදිරිපත් කළ නර්තනය සදහා තමන්ට ලක්ෂ 150ක් ගෙවූ බවට වාර්තා පලවී ඇතත් තමන්ට ලැබුනේ හැට අට ලක්ෂ අසු අටදහස් එකසිය විසි පහක මුදලක් පමණක් බව චන්න විජේවර්දන , උපුලි පණිභාරත  දෙදෙනා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි . එම මුදල ලබාගත්තේ ශිල්පීන් 200ක් පමණ දෙනා මාස දෙකක් තිස්සේ කළ පුහුණුවීම්  ආදී සියලු වියදම් සදහා බව ඔවුහු කියසිටිති . ඔවුන් දෙදෙනා මෙම නිවේදනය නිකුත්කොට ඇත්තේ අදාල සිදුවීම පිලිබදව පසුගිය 22දා බරපතළ වංචා විමර්ශන කොට්ටසයට කැදවා ප්‍රශ්න කිරීමෙන් පසුවය . එම ප්‍රශ්න කිරීමට හේතුවුයේ අදාල නර්තනය සදහා ලක්ෂ 150ක් ගෙවූ බවට ඇති වාර්තා බව කියති . චන්න උපුලි දෙදෙනාගේ ප්‍රකාශයෙන් පෙනීයන්නේ මෙහිදී ලක්ෂ අසුදෙකකට අසන්න මුදලක් වැඩිපුර ගෙවූ බවට වාර්තා තබා ඇති බවයි .

මේ අතර එම උත්සවය සදහා තවත් කෝටි ගණනක මුදල් වියදම් කොටාති බව කියතත් ඇතැම් කලාකරුවන්ට කළ ගෙවීම් පිළිබද වාර්තා අතුරුදන් ව ඇති බවයි .

කෙසේ වෙතත් අපගේ ආරංචි මාර්ග කියන්නේ මෙම තොරතුරු හෙළිවීමත් සමග මෙය සංවිධානය කළ තෘණ මුල කලාකරුවන්ට ඇඩ්රස් නැතිවන බවයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *