රහස් පොලිසිය ප්‍රසව හා නාරිවේද විශේෂඥවරුන් වෙයි ; නීතිමය තත්වය මෙන්න.

වඳ සැත්කම් කතාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනයේදී මේ වනවිට විමර්ශන නිලධාරීන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවකගෙන් තොරතුරු ලබාගෙන තිබේන අතර ඉතාම වැදගත් කරුණු ගණනාවක් එහිදී ඉස්මතුවී තිබේ.

සැත්කමේ කාර්ය මණ්ඩලය සහ වගකීම

සිසේරියන් සැත්කමක් සිදු කෙරෙන අවස්ථාවේදී ශල්‍යාගාරය තුළ සිටින කාර්යමණ්ඩලය 9 දෙනෙකි. සැත්කම සිදුකෙරෙන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුගේ (VOG) පූර්ණ අධීක්ෂණය යටතේය. ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරියකු (SHO) , සහකාර වෛද්‍ය නිලධාරියකු, හෙද හෙදියන් ඇතුළු කම්කරුවකු දක්වාම විවිධ පිරිසකගෙන් ඉතිරි 8 දෙනා සමන්විතය.

සිසේරියන් සැත්කමක් සම්බන්ධයෙන් යම් ගැටළුවක් මතුවී නම් එහි මූලික වගකීම පැවරෙන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාටය. දැනට අත් අඩංගුවේ පසුවන කුරුණෑගල රෝහලේ සහාබ්දීන් සාෆි වෛද්‍යවරයා යනු ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකි. එහෙයින් ඔහු කළ සැත්කම් සම්බන්ධයෙන් නීතිමය ගැටළුවක් ඇත්නම් එහිදී මූලික වගකීම පැවරෙන්නේ ඒ ඒ සැත්කම සහභාගී වූ VOG වරයාටය.

එසේම සැත්කමක් යනු සාමුහික ක්‍රියාවක් බැවින් එහි නීතිමය ප්‍රශ්නයක් ඇත්නම් ඊට සහභාගී වූ ඉතිරි 8 දෙනා ද වෙන් වෙන්ව සහ සාමුහික වශයෙන් එහි වගකීම දැරිය යුතුවේ.

දණ්ඩ නීති සංග්‍රහය අනුව නීතිමය පසුබිම

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 310 වන වගන්තිය යටතේ තුවාල සිදු කිරීම සම්බන්ධ කරුණු දැක්වෙන අතර 311 වගන්තියෙන් බරපතළ තුවාල නිර්වචනය කෙරේ.

311 (ඈ) වගන්තිය අනුව යම් අවයවයක හෝ සන්ධියක ක්‍රියාකාරීත්වයට හානි කිරීමත් 311 (ඉ) වගන්තිය අනුව යම් අවයවයක හෝ සන්ධියක ශක්තිය විනාස කිරීම හෝ සදහටම දුර්වල කිරීමත් බරපතළ තුවාල ගණයට අයිති වේ.

කැමැත්තෙන් තුවාල සිදු කිරීම පිළිබඳව 312 වගන්තියෙන් දැක්වෙන අතර ඊට අනුව යම් තැනැත්තෙකුට තුවාල සිදු කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාකිරීම කැමැත්තෙන් තුවාල සිදු කිරීමකි.

දඬුවම වසරක සිර දඬුවමයි දඩය රුපියල් 1000යි !

මෙම වරද සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීම පිළිබඳ 314 වගන්තියේ සඳහන් වන අතර එය ද ආන්දෝලනාත්මකය.

325 වගන්තියේ සලස්වා ඇති ප්‍රකෝප කිරීමක් සම්බන්ධ අවස්ථාවකදී නොවන අන් සෑම අවස්ථාවකදීම කැමැත්තෙන් තුවාල සිදු කිරීමට අදාළව වසරක් දක්වා දෙයාකාරයෙන් එක් ආකාරයක සිර දඬුවමකින් හෝ රුපියල් 1000ක දඩයකින් හෝ එම දඬුවම් දෙකින්ම වරදකරුට දඬුවම් කළ හැකිය.

මාතෘකාවට අදාළ නොවෙතත් ප්‍රකෝප කිරීමකදී කැමැත්තෙන් තුවාල කළේ නම් දඬුවම මාසයක සිර දඬුමක් හෝ රුපියල් 50ක් දඩයක් හෝ දෙකමය.

මින් පෙනී යන්නේ මෙම නීති කොතරම් යල් පැනගිය, ආචීර්ණකල්පික ඒවාද යන්නය. අප තවමත් කටයුතු කරමින් සිටින්නේ මෙවැනි නීති සමඟය.

කෙසේවෙතත් කුරුණෑගල රෝහලේ සිද්ධියට අදාළව දැනටමත් එම රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද විශෙෂඥ වෛද්‍යවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

විශේෂඥ වෛද්‍ය මතය සහ ෆේස්බුක් විශේෂඥයින් නිසා සිදුව ඇති හරිය

එම විශෙෂඥ වෛද්‍යවරුන් ද ප්‍රකාශ කර ඇත්තේ මෙවන් අවස්ථාවක මූලික වගකීම පැවරෙන්නේ තමන් වෙත බවත් පැලෝපීය නාලය යනු පිටට පෙනෙන එකක් නොව පාදා පිටතට ගත යුතු එකක් බැවින් ශල්‍යකර්මයකට දායකවන සමස්ත කාර්ය මණ්ඩලයට හොරෙන් එවැන්නකට හානි කිරීම යනු සිදුවිය නොහැකි දෙයක් බවත්ය.

එසේම දැනට සිදුව තිබෙන සිදුවීම් නිසා, විශෙෂයෙන් මීට අදාළව ජාතිවාදී දේශපාලන පදනමින් ගෙනගිය ද්වේෂ සහගත ප්‍රචාරයන් නිසා හානිවී ඇත්තේ සමස්ත වෛද්‍ය ක්ෂේත්‍රයටම බව පෙන්වා දී ඇති එම විශෙෂඥ වෛද්‍යවරුන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාජ තොරතුරු සහ විග්‍රහයන් කියවූ පිරිස් තමන්ගේ මතය වුවත් පිළිනොගන්නා මට්ටමට පත්වීම ඛේදවාචකයක් බවත් සඳහන් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් කුරුණෑගල රෝහලේ VOG වරුන්ට අමතරව තවත් දිවයිනේ ප්‍රධානතම VOG වරුන් රැසකගෙන් කරුණු විමසමින් තොරතුරු තහවුරු කරගනිමින් සිටින අතර ඔවුන් පවසන්නේ මේ දිනවල තමන්ගේ කන් පිරී ඇත්තේ පැලෝපීය නාලය පිළිබඳ කරුණුවලින් බවය.

DIG හනුමා සහ පැට්‍රෝල් අධ්‍යක්ෂ

මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලින් හෙළිවී ඇත්තේ තව්හිද් ජමාත් වෛද්‍යවරයකු විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳභාවයට පත් කළ බවට ප්‍රචාරණය කළ පුවත තහවුරු කිරීම සඳහා කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

එසේම දිවයින පුවත්පතේ සහාය ඇතිව මෙම ගින්න පත්තු කළේ පොහොට්ටුවේ කුරුණෑගල DIG කිත්සිරි ජයලත් විසින් බවත් ඊට පෙට්‍රෝල් ඉස්සේ වීරවංශගේ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වීර බණ්ඩාර විසින් බවත් මෙතෙක් විමර්ශනවලදී හෙළිවී තිබේ.

lanka news web

Leave a Reply

Your email address will not be published. Required fields are marked *