ප්‍රවීන රංග ශිල්පිණී චිත්‍රා වාකිෂ්ඨගේ අවසන් කටයුතු අද (2)

අභාවප්‍රාත ප්‍රවීන රංගන ශිල්පිණී චිත්‍රා වාකිෂ්ඨ මහත්මියගේ අවසන් කටයුතු අද (2 වන ඉරිදා) පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය. දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත. කලක් රෝගාතුරව සිටි වාකිෂ්ඨ මහත්මිය මිය යන විට 83 වන වියෙහි පසුවූවාය.

 

ස්වාධීන රූපවාහිණිය මගින් විකාශය කළ කෝපි කඩේ ඒකාංගික මාලා නාටකයේ සොමි නෝනා ලෙස ඇය ප්‍රෙක්ෂකයන් අතරට සමීප වූ අතර ටෙලිනාට්‍යයට එක්වීමට පෙර සිටම ගුවන්විදුලිය, වේදිකාව, සිනමාව යන මාධ්‍යයන්ගේ විශ්ෂිඨ දස්කම් පෑ නිළියක වූවාය.

එකල ගුවන්විදුලියේ අතිශය ජනප්‍රිය නාට්‍යය වූ මුවන්පැලැස්ස නාට්‍යයේ කිරිඅම්මාගේ චරිතය නිරූපණය කළ අතර වජිරා නාට්‍යයේ මවගේ චරිතයට ජීවය දුන්නාය.

 

ඇය සිරකරුවා, පොඩිපුතා, නාරිලතා, ගොළු හදවත, යුගාන්තය, සීතල වතුර, රෑන ගිරව්, මී මැස්සෝ, සුහද පැතුම, ගැහැණු ළමයි, පරසතු මල්, හිත හොඳ චණ්ඩායා ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී ඇත. ඇය ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්වන ලෙස්ටර් ජේම්ස් පීරිස්, සිරිසේන විමලවීට යන අධ්‍යක්වරුන් යටතේ වැඩ කිරීමට වාසනාව ලැබූ නිළියකි. ගැහුණු ළමයි චිත්‍රපටයේ රංගනයට වාකිෂ්ඨ මහත්මිය ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවාය.

 

ඇය ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍ය වශයෙන් ගැනෙන දිමුතු මුතු නාට්‍යයේ පටන් ඇය මිය යන තුරුම වසර 40ක් පුරා ටෙලි නාට්‍යයන් රැසක රංගනයෙන් දායක වීමට හැකි  වූ දුර්ලභ ගණයේ වාසනාවකට උරුමකම් කී නිළියකි.

 

ස්වාධීන රූපවාහිනියේ නිවේදකයකු මෙන්ම වැඩ සටහන් නිෂ්පාදකවරයකු වන ප්‍රාන් වාකිෂ්ඨ චිත්‍රා වාකිෂ්ඨගේ එක් පුතෙකි.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *