ජනාධිපතිවරණය දෙසැම්බර් 07 වැනි දා කිසිම පක්ෂයක් තවම තම අපේක්ෂකයා තවම නම් කර නෑ

නැවත වරක් විශිෂ්ඨ ජයග්‍රහනයකින් තේරී පත් වූ ඉන්දියාවේ හිටපු අගමැති නරේන්ද්‍ර මෝදී මහතා ගේ ජයග්‍රහණයට සුභ පැතීමට ගිය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව අගමැතිවරයා දිවුරුම් දීමෙන් අනතුරුව ඔහුට සුබ පැතූ අතර ජනාධිපතිවරුන් දෙදෙනා අතර සුහද සාකච්ඡාවක් ද පැවැත්විණ.

ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක් වූ ජනාධිපතිවරයා භාෂා පරිවර්තකයෙකු ගේ සහයෙන් මාධ්‍යෙව්දීන් අසන ලද ප්‍රශ්නවලට දිවුරුම් දුන්නේය. එහිදී ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ ‘දි අයිලන්ඩ්, පුවත්පතේ මාධ්‍යෙව්දියකු ජනාධිපති වරයාගෙන් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද යනුවෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ලබන දෙසැම්බ්ර් 07 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බවත් ඒ ගැන මැතිවරණ කොමසාරිස් වරයාට තමන් දන්වා ඇති බවත් හෙළි කළේය. තමන් ඉදිරිපත් වෙනවා ද නැද්ද කියා තවම තීරණය කර නැති බවත් කිසිදු දේශපාලන පක්ෂයක් තවම අපේක්ෂකයකු නම් කර නැති බවත් ඔහු පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *