වඳ සැත්කම් චෝදනාව ගැන වගකීමෙන් තොර ප්‍රකාශ එපා – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

සිසේරියන් සැත්කම් අතරතුර ස්ත්‍රීන් වඳ  භාවයට පත් කලයි වෛද්‍ය ශාෆි සියබ්දීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වගකීමෙන් තොර හදිසි ප්‍රකාශ නොකරන ලෙස  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සියලු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියි . ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති නිවේදනයක් මගින් මෙම ඉල්ලීම කොට ඇත .

මෙම චෝදනාව  නිසා වෛද්‍ය වෘත්තියට එල්ල වී ඇති තත්වය පිළිබඳව වෘත්තියේ ඉහලම ආයතනය ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කම්පනයට පත්ව ඇති බවත් මෙම සිදුවීම පිලිබඳ පරීක්ෂණ විධිමත් ලෙස සිදුවනු ඇතැයි තම සංවිධානය අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ සදහන් වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *