වෙනම පෙරමුණක් හුදන කතාව පට්ටපල් බොරුවක් බව ගාමිණී ලොකුගේ ජනාධිපතිට කියයි

ගාමිණී ලොකුගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිව වෙනම පෙරමුණක් හදන්න තම නිවසේ පැවති රැස්වීමකදී තීරණය කළ බවට පළවූ මදය වාර්තා පට්ටපල් බොරු බව ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රකාස කොට ඇත . ඒ මහතා මෙම ප්‍රකාශය කළේ පසුගියදා පැවති ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දීය .එහි දී එස් බි දිසානායක මහතා එල්ලකළ චෝදනාවකට පිළිතුරු දෙමින් ලොකුගේ මහතා මෙම ප්‍රකාශය කොට ඇත . ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සමග විවාදයකට පැටලුනු එස් බි දිසානායක මහතා චෝදනා කළේ ගමිනි ලොකුගේ මහතාගේ නිවසට රැස්වූ පිරිසක් පක්ෂය කඩ වෙනම පෙරමුණක් හදන්නට තීරණය කොට ඇති බවයි . එම කතාව පට්ටපල් බොරු බව ලොකුගේ මහතා ප්‍රකාශ කොට ඇත්තේ  එම අවස්ථාවේදීය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *